IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ඉන්දීය රජයට ඩොලර් බිලියන 40 ක අලාභයක් කළ ජංගම දුරකතන වංචාව:

ඉන්දීය රජයට ඇමෙරිකන් ඩොලර් බිලියන 40 ක අලාභයක් සිදු කළ ‘2ජී’ වර්ගයේ ජංගම දුරකතන බලපත‍්‍ර නිකුත් කිරීමේ වංචාවට සම්බන්ධ යැයි චෝදනා ලැබ මාස හයකට ආසන්න කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටි තමිල්නාඩු ප‍්‍රාන්තයේ හිටපු මහ ඇමැති කරුණානිධිගේ දියණිය මෙන්ම ඉන්දීය ලොක්සභා මන්තී‍්‍රවරියක ද වන කනිමෝහීට පෙරේදා (28) ඇප නියම කෙරුණි.ඇයට ඇප නියම වූයේ එම දුරකතන බලපත‍්‍ර වංචාව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි ඉන්දීය ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ විධායක අධ්‍යක්ෂකවරුන් පස් දෙනකුට ඇප ලබා දීමට නවදිල්ලි මහාධිකරණය තීන්දු කිරීමත් සමඟය.ඉන්දීය රජයට ඇමෙරිකන් ඩොලර් බිලියන 40 ක පාඩුවක් සිදුවූ බව පැවැසෙන එම ජංගම දුරකතන වංචාව සිදුවූයේ කරුණානිධි තමිල්නාඩුවේ මහ ඇමැතිව සිටිද්දී, ඔහුගේ ද්‍රවිඩ මුනේත‍්‍ර කසාගම් පක්ෂයේ ඒ. රාජා, ඉන්දීය විදුලි සන්දේශ ඇමැති ධුරය හොබවද්දීය. රාජා ද මේ වනවිට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටියි. කනිමෝහී එම දුරකතන බලපත‍්‍ර නිකුත් කිරීමේ වංචාවට සම්බන්ධ යැයි ප‍්‍රකාශ කළේ රාජා ය. ඒ අනුව ඉන්දීය අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීහු කනිමෝහී අත්අඩංගුවට ගත්තේ ඉකුත් මැයි 20 වැනිදාය.



අදහස් (0)

ඉන්දීය රජයට ඩොලර් බිලියන 40 ක අලාභයක් කළ ජංගම දුරකතන වංචාව:

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 300 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site