ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වී තිබෙන නොසන්සුන් තත්ත්වය තවදුරටත් උග්‍ර අතට හැරෙන්නට ඉඩ නොදී ඉක්මණින් විසඳාගන්නා ලෙස ඇමෙරිකා එක්සත් ජනපද පෙන්ටගනය අවධාරණය කර සිටී.
ඇමෙරිකාවේ වැඩ බලන ආරක්ෂක ලේකම් ප්‍රැටික් ෂැනහන් අර්බුදය විසඳීමට මැදිහත් වනු ඇතැයි පැවසෙන නමුත් ඔහු ඉන්දියාවේ හෝ පාකිස්තානයේ ආරක්ෂක අමාත්‍යවරුන් හා සාකච්ඡා කළ බවක් පෙන්ටගනය සඳහන් නොකළේය.
ප්‍රැටික් ෂැනහන් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බව ද පෙන්ටගනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉන්දියාව සහ පාකිස්තානය තවදුරටත් හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළැකී සිටිය යුතු යැයි ද පෙන්ටගනය අවධාරණය කළේය.
“ඉන්දියාව සහ පාකිස්තානය තවදුරටත් හමුදාමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහාත් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සමථයකට පත් කිරීම සඳහාත් වැඩබලන ආරක්ෂක ලේකම් පැට්‍රික් ෂැනහන් අවධානය යොමු කර තිබෙනවා” යැයි පෙන්ටගනය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
රොයිටර් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd