නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නුවර මහල් හයක ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගිය අනවසර වෙළෙඳ පොළක ඊයේ (27) අලූයම
හදිසියේ හටගත් ගින්නකින් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 50 කි.
ගින්න හටගත් එම ගොඩනැගිල්ල භාවිතයට නුසුදුසු යැයි පවසා කොල්කටා බලධාරීන් විසින් එය අත්හැර දමා තිබුණේ යැයි ඇතැම් පුවත් සේවා වාර්තා කර තිබුණි.
”ගින්න හටගත්තේ සුර්යා සෙන් වෙළෙඳපොළේ. වෙළෙඳ සැල් රැසක් ගින්නෙන් විනාශ වුණා. ගින්න නිවා දැමීමට පැය කීපයක් ගත වුණා.” යැයි කොල්කටා ගිනි නිවන සේවා ඇමැති ජාවඞ් ඛාන් මාධ්‍ය හමුවේ කියා සිටියේය.
ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. ගිනි භටයන් අනුමාන කරන්නේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හට ගන්නට ඇති බවය.
ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් 100 දෙනකු පැමිණ සිටි බව ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.
2011 වසරේ කොල්කටාවේ රෝහලකත් 2010 වසරේ දී වෙළෙඳ සැල්වලින් පිරි වීදියකත් මහා ගින්නක් හටගත්තේය. රෝහලේ ගින්නෙන් 90 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර වීදියේ ගින්නෙන් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවේ වෙළෙඳ ගොඩනැගිල්ලක ගින්නක්
තුෂාර Thursday, 28 February 2013 06:52 PM
අපිට ගරහන ඒවට ලැබෙන ප්‍රතිඵල තමයි මේ. (නි)