ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ්හි දාතියා දිස්ති‍්‍රක්කයේදී පෙරේදා (17) 39 හැවිරිදි ස්විට්සර්ලන්ත කාන්තාවක සමූහ දුෂණයට ලක් වූ අතර එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනකු ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කෙරුණි. 
එම කාන්තාව සහ ඇගේ සැමියා ඉන්දියාවට පැමිණි සංචාරකයන් බවත් කාන්තාව දුෂණය වෙද්දී ඇගේ සැමියා ද ඇය සමඟ සිටි බවත් පැවැසේ. ඇයට අතවර කළ පිරිස සැමියාට පහර දී ඇත. වයස අවුරුදු 20 ත් 25 ත් අතර වයස්වල පසුවන එම සැකකරුවන් පිරිස ගම්වැසියන් බව ද පොලිසිය වැඩි දුරටත් කියා සිටී. 
 

සැකකරුවන් අධිකරණයට රැගෙන එමින්...