‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බැටකන ඉන්දියාවේ තත්ත්වය ඉතාම නරක අතට හැරෙමින් පවතින බවත් එය වචනයෙන් විස්තර කළ නොහැකි මහා ඛේදවාචකයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඉන්දියාව සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කළේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැති දෛනික මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
මේ වනවිට ඉන්දියාවේ සෑම නගරයක සෑම රෝහලක්ම, ආදාහනාගාරයක් ම පිරී ගොස් ඇති බවත්, ප්‍රමාණවත් ඔක්සිජන් නොමැතිවීම නිසා රෝහල්වල මළ සිරුරු ගොඩ ගැසීමට පටන්ගෙන ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැහැදිලි කළේය.
‘ඉන්දියාවේ තත්ත්වය හදවත කම්පා කරවනවා. එය වචනයෙන් විස්තර කරන්න බැහැ. සෑම මිනිත්තු පහකටම ඉන්දියාවේ එක් කොරෝනා මරණයක් වාර්තා වෙනවා. ඉදිරියේ දී එය අගය තවත් ඉහළ යා හැකියි’ යැයි ලා්ක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබි්‍රයේසිස් එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසීය.
ඉන්දියාවට අවශ්‍ය සහාය ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගන්නා බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පැහැදිලි කර තිබේ.
මේ වනවිට ගෝලීය සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 1,48,480,035 තෙක් ඉහළ ගිය අතර, සමස්ත මරණ ගණන වාර්තා වූයේ 3,133,637 ක් ලෙසය. කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන් ගණන 1,26,099,853 ක් ලෙස දැක්විණි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
35
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවේ තත්ත්වය අන්තිම නරකයි
කොළනි පොරක්... Tuesday, 27 April 2021 07:58 AM
ආන්න බලන්න ඉන්දියාව චීන කොලනියක් නොවීමේ විපාකය. එහෙම වුණානම් චීනා පට පට ගාල මුළු ඉන්දියාවම වහලා සිං සිං ගාල ගේම දීලා කෝවිඩ් ඉන්දියාවෙන් නැති කරලා දානවා.. චීනෙ කළා වගේ. කොහෙද ඉන්දියාව චීනෙට බැන බැන හිටියා මිසක් චීන කොලනියක් වෙන්න බැලුවෙ නෑනෙ.. මේවා හොඳ පාඩං අහවල් රටෙ පැකනිල් බොන අයටත්..