කුඩා ව්‍යාපාර සඳහා ණය ලබාදීමේ අරමුණින් ඉන්දියාව විදෙස් ණය දෙන්නන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව එරට නිලධාරීහු දෙදෙනක් අද (22) ප්‍රකාශ කළහ.
ඉන්දියාවේ බැංකු පද්ධතියට එරට කුඩා ව්‍යාපාර සඳහා ණය ලබාදීමේ හැකියාවක් නොමැති බැවින් එලෙස විදෙස් ණය දෙන්නන් සමඟ සාකච්ඡා කරන බව එම නිලධාරීහු දෙදෙනා කීහ.
කුඩා ව්‍යාපාරිකයන් මිලියන ගණනක් ඉන්දියාවේ සිටින අතර ඔවුන්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 14.5කට ආසන්න ණය යැයි පැවසේ.
ජර්මානු රජයට අයත් කේ.එෆ්.ඩබ්ලිව් සමූහයේ සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, සහ කැනඩාවේ මූල්‍ය ආයතන කිහිපයක් සමඟින් ඉන්දියාව සාකච්ඡා පවත්වමින් සිටින බව නම සඳහන් කිරීමට අකැමැති වූ එක් නිලධාරියෙක් කීවේය.
එලෙස සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී කේ.එෆ්.ඩබ්ලිව් බැංකුවේ ඉන්දීය කාර්යාලය ද තහවුරු කළේය. ඉන්දීය බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ කුඩා ව්‍යාපාර සඳහා ණය සැපයීම වන අතර එයිනුත් වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ සූර්ය බලය ජනනය කෙරෙන ව්‍යාපාරවලටය. සාකච්ඡා තවමත් මුල් අදියරේ පවතින බව ද කරන ලද විමසීමේදී කේ.එෆ්.ඩබ්ලිව් සඳහන් කළේය.
රොයිටර් ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 04
289
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාවේ කුඩා ව්‍යාපාර වලට ණය දෙන්න විදෙස් ණය දෙන්නන් සමඟ සාකච්ඡා