IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘ඉන්දියාව අභ්‍යාවකාශ බලවතුගෙන් කෙනෙක්‘‘

ඉන්දියාව ලොව ඉහළම තාක්ෂණය සහිත අභ්‍යාවකාශ සුපිරි බලවතුන් කිහිපදෙනාගෙන් කෙනකු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් අද (27) ප්‍රකාශ කළේය. 

මිසයිලයක් යවමින් පහළ කක්ෂයේ තිබූ චන්ද්‍රිකාවක් බිම හෙළීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. සාමාන්‍යයෙන් චන්ද්‍රිකා රඳවා තබනුයේ පෘථිවියේ ඉහළ කක්ෂයේය.

චනද්‍රිකාවක් පහළ කක්ෂයට පැමිණි පසු ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවියට ඇදී ඒමට හැකි අතර එයින් මහත් විනාශයක් සිදුවීමේ අවදානමක් ද ඇත.  

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ජාතිය ඇමතීම දුලබ සිදුවීමක් යැයි විදෙස් මාධ්‍ය මෙන්ම ඉන්දීය මාධ්‍ය ද වාර්තා කර තිබිණි. ඉන්දියාව ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ චීනය යන සුපිරි බලවතුන් අතරට එක්වූ බව ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය. 

නැගෙනහිර ඉන්දියාවේ ඔඩීෂා හි පිහිටි පරීක්ෂණ මධ්‍යස්ථානයක සිට මිසයිලය දියත් කරන ලදි. කිලෝමීටර 300ක දුරින් පිහිටි සජීවි චන්ද්‍රිකාව බිම හෙළීම මෙහෙයුම ඉතා දුෂ්කර එකක් වූ බවත් එම මෙහෙයුම විනාඩි තුනක කාලයකින් අවසන් වූ බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය. 

“මෙය ඉන්දියාවට සුවිශේෂී සහ ආඩම්බර විය හැකි අවස්ථාවක්. ඉන්දියාව අභ්‍යවකාශ සුපිරි බලවතුන් අතරට තමන්ගේ නමත් ඇතුළත් කිරීමට සමත් වුණා. මෙම සමත්කම දක්වා ඇත්තේ රටවල් කිහිපයක් පමණයි” යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවැසීය. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2016 වසරෙන් පසු රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ පළමු අවස්ථාව මෙය විය. 

“මම ලෝක ප්‍රජාවට කියන්න ඕනේ. අපි කාටවත් එරෙහිව මේ මිසයිලය දියත් කළේ නැහැ. වේගයෙන් වර්ධනය වන ඉන්දියාව ආරක්ෂා කරගන්නැයි අපිට ඕනේ. චන්ද්‍රිකාව බිම හෙළීමේ මෙහෙයුම සාර්ථකව අවසන් වුණා. අපිට යුද්ධයක් ඇති කරන්න අවශ්‍ය නැහැ” යැයි මෝදි කීවේය. 

මිසයිල අත්හදා බැලීමක් මගින් ඇමෙරිකාව සහ සෝවියට් සමූහාණ්ඩුව 1985 දී චන්ද්‍රි බිම හෙළීමට සමත් වූ අතර චීනය 2007 වසරේදී මිසයිල අත්හදා බැලීමක් මගින් චන්ද්‍රිකාවක් බිම හෙළීය. 

මෙම රටවල් සියල්ලම මේ වනවිට ලේසර් කිරණ භාවිතයෙන් චන්ද්‍රිකා විනාශ කිරීම සඳහා කටයුතු කරමින් සිටී. 

තොරතුරු විශේෂයෙන්ම බුද්ධි තොරතුරු රැස් කිරීමේ අවශ්‍යතාව නිසා වර්තමානය වනවිට චන්ද්‍රිකාවල අවශ්‍යතාව වැඩි වී තිබේ. ප්‍රධාන පෙළේ රටවල් මේ වනවිට අභ්‍යාවකාශය තුළ තමන්ට ඉඩක් වෙන් කරගැනීමේ ක්‍රියාවලියක නිරත වී සිටී. 

අභ්‍යාවකාශයේදී ආයුද භාවිත කිරීම තහනම් කරන්නැයි ඉල්ලමින් රුසියාව සහ චීනය 2014 වසරේදී යෝජනාවක් ඉදිරිපත් කළේය. 

ආයුද සම්බන්ධයෙන් ඇතුළත් කරුණු සහ අනෙකුත් කරුණු සවිස්තරව සහ නිශ්චිතව සඳහන් කර නැතැයි පවසමින් ඇමෙරිකා එක්සත් ජනපදය එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. 

“අභ්‍යාවකාශය තුළ ආයුද සටනකට එළැඹීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි” අගමැති මෝදිගේ ප්‍රකාශයෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය. 

“අභ්‍යාවකාශය යොදාගත යුත්තේ සාමය උදෙසා පමණක්ම යන්න ස්ථාවරයේ අපි හැමදාමත් සිටිනවා” යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

ඉන්දියාව කිසිදු ජාත්‍යන්තර ප්‍රඥප්තියක් උල්ලංඝණය නොකළ බවත් චන්ද්‍රිකාව බිම හෙළීම සහ මිසයිල අත්හදා බැලීම කරන ලද්දේ ඉන්දියාවේ බිලියන 1.3ක ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් බවත් ඉන්දීය අගමැතිවරයා කීවේය. 

ඉන්දීය මහ මැතිවරණය ආරම්භ වීමට මසකටත් අඩු කාලයක් තිබියදී අගමැති මෝදි මෙලෙස ජාතිය ඇමතීය.

අගමැති මෝදි දෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටී. 

ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වැනිදා ආරම්භ වීමට නියමිත අතර සති හයක් මුළුල්ලේ පැවැත්වීමේ  නියමිතය. ඉන්දීය ජාතිකයෝ මිලියන 900ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. මෙය ලොව විශාලතම මැතිවරණයයි. 

අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රතිවාදියා වී ඇත්තේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි

055 

 



අදහස් (2)

‘‘ඉන්දියාව අභ්‍යාවකාශ බලවතුගෙන් කෙනෙක්‘‘

Sapumal. Thursday, 28 March 2019 05:31 AM

ඉන්දියාව කියන්නේ ලොව සිටි ශ්‍රේෂ්ඨම මනුෂ්ශයා සිටිය උතුම් රට. බුදු දහම, සංගීත කලා ආදී දේ අපට උතුරු ඉන්දියාවෙන් ලැබුණු දායාද අතර වෙනවා. මෝදී මහතා මෙසේ ප්‍රකාශ කලත්, අභ්‍යාවකාශයේ මහා බලවතෙකු වීමට ඉන්දියාවට තව කලක් ගතවේවි.

:       0       77

Sanath UAEThursday, 28 March 2019 08:41 AM

ඉන්දියාවේ මහමැතිවරණය ලබන මාසේ. ඒකයි මේ සංදර්ශන. අපේ කට්ටිය වගේම තමා. ආරංචි විදිහටනම් මෝඩි මහත්තයට අවාසිදායක තත්වයක් තියෙන්නේ.

:       0       58

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31256 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13431 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10984 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 86 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 921 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site