අලුත් අවුරුද්දේ පළමු දිනයේ දි ඉන්දුනීසියාවේ අගනුවර සහ අවට නගර කිහිපයක ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 9 දෙනකු පමණ මිය ගොස් බොහෝ පිරිසක් අවතැන් වී ඇතැයි වාර්තා වේ.
ජකර්තා නගරයේ පමණක් 19,000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථානවල රඳවා ඇතැයි බලධාරීහු පවසති.
මිලියන 30ක පමණ ජනතාවක් වෙසෙන ජකර්තා නගරයේ විදුලිය විසන්ධි කර ඇති බවත් හලීම් ගුවන්තොටෙහි ධාවන පථය වසා දමා ඇති බවත් සඳහන් වේ.
කෙසේ වුවද මේවන විට ජකර්තා හි වර්ෂාව නතර වී ඇති හෙයින් ජලය ඉක්මණින් බැස යනු ඇතැයි ආපදා අංශ සඳහන් කරයි.
වර්ෂ 2007 දී ජකර්තා අගනුවර ඇතිවූ දරුණු ගංවතුරකින් 50කට වැඩි පිරිසක් මිය ගියහ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS