එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (එන්ඩීටීවි)
ප්‍රබල භූ කම්පනයකින් සහ ඒ නිසා ඇති වූ සුනාමිය හේතුවෙන් මියගිය පිරිසගේ පවුල්වලට කනගාටුව පළ කරන බවත් ඉන්දුනීසියාවට ඕනෑම උපකාරයක් කිරීමට ඉන්දියාව සූදානම් බවත් ඉන්දීය විදේශ ඇමැතිනි සුෂ්මා ස්වරාජ් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතමින් සඳහන් කළාය.
සිකුරාදා (28) ඉන්දුනීසියාවට බලපෑ රික්ටර් මාපකාංක 7.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනය හේතුවෙන් එරට සුනාමි රළ කඩා වැදුණි. එරට බලපෑ මෙම සුනාමිය හේතුවෙන් 384 දෙනකු මියගිය බවත් මරණ ගණන තවත් වැඩිවිය හැකි බවත් බලධාරීහු ප්‍රකාශ කළහ.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය ඇමතූ ඉන්දීය විදේශ ඇමැතිනි සුෂ්මා ස්වරාජ් මෙසේ ද සඳහන් කළාය.
“ඉන්දුනීසියාව සම්බන්ධයෙන් අපට කනගාටුදායක පුවත් අපට ලැබෙමින් තිබෙනවා. මෙය ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්. ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පානයක් සහ සුනාමි කඩා වැදී තිබෙනවා.
මම ඉන්දියාව වෙනුවෙන් මේ වේදිකාවේදී ඉන්දුනීසියානු රජයට සහ එරට ජනතාවට කනගාටුව පළ කරනවා. මේ ආපදා තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව සෑම සහයෝගයක්ම ලබාදෙන බව මම මෙහිදි සහතික වෙනවා”.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ, ඉන්දියාව ඉන්දුනීසියාවට උදව් කරන්නට පෙර තම රටේ කේරලයේ සිදුවූ විනාශයට සැලසුම් යෙදුවානම් තමා හොඳ.
මෙයාට වගේ මොලේ හොඳ නැති කට්ටියව එහෙටත් යවලා ආධාර කරන්නද හදන්නේ...?