ඉතාලියේ දකුණු කලාපිය සිසිලි දුපත් හි කතානියා නගරයේ තානාපති ජංගම සේවාව ජුලි 11 සහ 12 දෙදින උදැසන 8.30 සිට කතානියා ප්‍රදේශයේ පිහිටි කාසා දෙයි පොපොලි, වියා එස්. අගාතා 3 හී පැවැත්වෙන බව රෝම  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

අලුත් ගමන් බලපත් සහ තාවකාලික ගමන් බලපත් අයදුම් කිරීම්, නව උපත් ලියාපදිංචි කිරීම, පුරවැසි අයදුම් කිරීම්,රියදුරු බලපත් අයදුම් කිරීම් සහ කොන්සියුලර් සේවයේ අනිකුත් ලිපි කටයුතු මෙදින සිදුවන බව තානාපති කාර්යාලය කියයි.

වැඩි විස්තර 06.8840801 හෝ 06.8554560 දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.