ඉතාලියේ නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් වන ජනමත විචාරණය අද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

අගමැති මැටියෝ රෙන්සිගේ පාලනය මෙයින් අභියෝගයකට ලක්වනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති. ජනමත විචාරණයෙන් පරාජයට පත්වුවහොත් තමා ඉල්ලා අස්වීමට සූදානම් යැයි ඉතාලි අගමැතිවරයා පවසා තිබිණි.

සඳුදා (5) උදෑසන වනවිට ජනමත විචාරණයේ ප්‍රතිඵල නිකුත් වනු ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

නව ප්‍රතිසංස්කරණ ඔස්සේ එරට සෙනෙට් සභාවේ බලතල සීමා කිරීමට යන බවත් සෙනෙට් සාමාජික සංඛ්‍යාව 315 සිට 100 දක්වා අඩු කෙරෙන බවත් කියති.