IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉතියෝපියාවේ සටන් විරාමයක්

ටිග්රේ පළාතේ බෙදුම්වාදී සටන්කාමීන් සහ ඉතියෝපියා රජය අතර ගැටුම් අවසන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගැටුම් අවසන් වූයේ ඉතියෝපියා රජය සටන් විරාමයකට කැමැත්ත පළ කළ බැවිනි. දිනෙන් දින සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ වැටෙන බැවින් වහා සටන් විරාමයකට යන බව නිවේදනය කළේ ඉතියෝපියා අග්‍රාමාත්‍ය  ඇබේ අහ්මද්ය. සටන් විරාමය ඒ අනුව ආරම්භ වූයේ මාස 8 ක් තිස්සේ පැවැති දරුණු ගැටුම් අවසන් කරමිණි.

ටිග්රේ යනු ඉතියෝපියාවට අයත් පළාතක් වන අතර, ටිග්රේ පළාතේ විමුක්තිකාමීන් එම පළාත වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලයි. ටිග්රේ විමුක්තිකාමී බළකාය සහ ඉතියෝපියා රජය අතර ගැටුම් ආරම්භ වූයේ මේ අනුවය. ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් සිය ගණනක් මියගිය අතර, දහස් ගණනකට තම උන්හිටිතැන් අහිමි විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කර ඇත්තේ ටිග්රේ ගැටුම් මැද මානවහිමිකම් උල්ලංගනය වීම් සිදුවුණු බවය.

නොයෙක් නොයෙක් අර්බුද රැසකට මුහුණ දුන්නත්‍, අප්‍රිකා කලාපයේ සෙසු රටවල් සමඟ සන්සන්දනය කරද්දී මෑත කාලයේ කැපී පෙනෙන සංවර්ධනයක් පෙන්නුම් කළ අප්‍රිකා රාජ්‍යයක් ලෙස ඉතියෝපියාව සැලකෙයි.
ඉතියෝපියාව, විදෙස් සබඳතා තරකර ගැනීමට කටයුතු කරමින් දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණ සිටින රාජ්‍යයක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉතියෝපියාව චීනය සමඟ සබඳතා තරකර ගනිමින් යටිතල පහසුකම් නංවාලීම කටයුතු කර ඇත.

බෙදුම්වාදී අරගල ඉතියෝපියාවට අලුත් දෙයක් නොවෙයි. ඉතියෝපියාවට උතුරු දෙසින් පිහිටි එරිත්‍රියාව අතීතයේ ඉතියෝපියාවේ කොටසක් විය. එය වෙනම රාජ්‍යයක් බවට පත්වූයේ 1990 දශකය ආරම්භයේදීය. ඒ දශක ගණනාවක් තිස්සේ පැවැති යුද ගැටුම් අවසන් වෙද්දීය.

එරිත්‍රියාව ඇත්තේ ටිග්රේ පළාතට මායිම්වය. ටිග්රේ අරගලයේ දී, ටිග්රේ බෙදුම්වාදීන්ට එරිත්‍රියාවෙන් ද ප්‍රහාර එල්ල වෙයි.  බෙදුම්වාදීන් සම්බන්ධයෙන් එරිත්‍රියාව සහ ඉතියෝපියාව ඔවුන්ගේ මත ගැටුම් පසෙකළා එක් වී කටයුතු කරන බව පැවැසෙයි. දේශසීමා හරහා එරිත්‍රියා හමුදාවට, ටිග්රේ පළාතට පැමිණීමට ඉතියෝපියානු රජය ඉඩ දුන් බවට ද චෝදනා එල්ල වී ඇත.

අඩිස්අබාබා (රොයිටර්)



අදහස් (0)

ඉතියෝපියාවේ සටන් විරාමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site