IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් හක්කානී සටන්කාමීන්ට එ.ජා. ආරක්ෂක මණ්ඩලයෙන් සම්බාධක

ඇෆ්ගනිස්තානයේ කි‍්‍රයාත්මක ‘හක්කානී’ නමැති ඉස්ලාමීය සටන්කාමී සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් සේ සලකා  ජාත්‍යන්තර වශයෙන් සම්බාධක පැනැවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (6) තීරණය කළේය. ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා සහ නේටෝ හමුදා ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු තලේබාන් සහ අල් කයිඩා ප‍්‍රහාර පසුපස හක්කානි සටන්කාමීන් ද සිටින බවට සාක්ෂි ඉදිරිපත් වීමත් සමඟ මෙම තීරණය ගැනීමට සිදුවූ බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැඩි දුරටත් කියා සිටී. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලයට පහර දුන්නෝ ද මෙම හක්කානි සටන්කාමීහුය. මොවුන් පාකිස්තානයේ ද කි‍්‍රයාත්මක වන අතර පාකිස්තාන රජයේ සහාය ද හිමි වන බවට ද චෝදනා එල්ල වී ඇත. කෙසේ නමුත් පාකිස්තාන රජය එම චෝදනා ප‍්‍රතික්ෂේප කරයි. සම්බාධක පැනැවීමත් සමඟ එම සංවිධානයට අරමුදල් රැස්කිරීම් සම්පූර්ණයෙන්ම දැමීමට කටයුතු අතර එහි නායකයන්ට හෝ සාමාජිකයන්ට ගුවන් ගමන් ද තහනම් වේ.



අදහස් (0)

ඇෆ්ගන් හක්කානී සටන්කාමීන්ට එ.ජා. ආරක්ෂක මණ්ඩලයෙන් සම්බාධක

වරුණ Friday, 09 November 2012 09:02 AM

අනුන්ගේ පණ නසා ආගම් රකින්න අල්ලා දෙවියන් දේශනා කර නැහැ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site