ඇෆ්ගනිස්තානයේ පොලිස් නිලධාරීන් රැගෙන යමින් තිබූ බස් රථවලට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් 37 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ප්‍රහාරවලින් 40 දෙනකු තුවාල ලබා ඇතැයි කියති.

කාබුල් අගනුවරට කිලෝමීටර් 20ක් පමණ බටහිර දෙසින් පිහිටි පග්මාන් දිස්ත්‍රික්කයේ දී මෙම ප්‍රහාරය එල්ලවී ඇත. වර්දාක් දිස්ත්‍රික්කයේ පුහුණු මධ්‍යස්ථානයක සිට පුහුණුවන පොලිස් නිලධාරීන් රැගෙන යමින් තිබූ බස් රථ දෙකකට පළමු ප්‍රහාරය එල්ලවී ඇති අතර ඒත් සමග උදව්වට ආ පුද්ගලයන් හා තෙවැනි බසය ඉලක්ක කරගනිමින් දෙවැනි ප්‍රහාරය එල්ලවී ඇති බව ඇෆ්ගන් ආරංචි පවසයි.

මෙය තලේබාන් ත්‍රස්ත සංවිධානයේ ප්‍රහාරයක් බවට සැක පළ කරති.

web1467283606939