ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි ඊයේ (4) එරට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන තලේබාන් සංවිධානයට දොස් පැවැරීය.
ඇෆ්ගන් ජනපතිවරයා දොස් පවරමින් කියා සිටියේ, සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප‍්‍රහාර වහා නවත්වන ලෙසය.
ඇෆ්ගන් ජනපතිවරයා තලේබාන් සංවිධානයට දොස් පැවැරුවේ පෙරේදා (3) සිදුවූ බෝම්බ පිපිරීම හේතුවෙනි. එම බෝම්බ පිපිරීම සිදුවුණේ නැගෙනහිර ඇෆ්ගනිස්තානයේය.
පාසල් සිසුන් 10 දෙනකු ඇතුළු දොළොස් දෙනෙක් එම ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 15 දෙනෙක් තුවාල ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තලේබාන් ලව හැදුවේ පකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානය විනාස කරන්න. එක දැන් කෙරීගෙන යනවා. හැබයි තලේබාන්ලාගෙන් පකිස්ථානය විනාස වෙන හැටිත් පේනවා බුදු පිළිම වලට කරපු අපරාදයෙන් පස්සේ තලෙබාන්ලා පිස්සු වැටුනා.(නදී)