ඇෆ්ගනිස්ථානයේ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
කන්දහාර් නගරය ඇතුළු දිස්ත්‍රික්ක 6කට පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවූ බව කාලගුණ අංශ සඳහන් කරයි.
මියගිය අය අතර දරුවන් කිහිප දෙනකු ද සිටින බවද දසදෙනකු පමණ අතුරුදන් වී ඇති බවද පොලිසියි පවසයි.
නිවාස 2000ක් පමණ ගංවතුරින් ආපදාවට පත්වී ඇත.
බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා ගෙනගොස් ඇති බවද සහන සේවා ක්‍රියාත්මක බවද බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd