පෘථිවියට ඇදී එන ඇස්ටරොයිඩයන්, න්‍යෂ්ඨික අවි යොදාගෙන විනාශ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඇමරිකාවේ ජාතික ගුවන් හා ගගන පර්යේෂණායතනයේ (නාසා) අවධානය යොමුව තිබේ.
මෙම අදහස විද්‍යා ලෝකයට අලූත් දෙයක් නොවන නමුත් න්‍යෂ්ඨික අවි යොදාගෙන පෘථිවිය දෙසට ඇදී එන අභ්‍යාවකාශ වස්තුන් විනාශ කිරීම සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපයේම නොයෙකුත් මත පළවිණි.
නාසා ආයතනයේ සැළසුම වන්නේ මුලින්ම පෘථිවිය දෙසට ඇදී එන ඇස්ටරොයිඩය මත ආවාටයක් කැන පසුව එයට එල්ල වන පරිදි න්‍යෂ්ඨික මිසයිලයක් එල්ල කර ඇස්ටරොයිඩය විනාශ කර දැමීම වේ. ආවාටය කැණීමට හා මිසයිලය එල්ල කිරීමට වෙන වෙනම අභ්‍යාවකාශ යානා දෙකක් භාවිතා කරන බවද සදහන් වේ.
මෙයට පක්ෂව හා විපක්ෂව නොයෙකුත් අදහස් පළව තිබෙන අතර විපක්ෂව අදහස් පළකරන්නවුන් කියන්නේ ඇස්ටරොයිඩය විනාශවනු ඇති වුවද එයින් කැඩී වෙන්වෙන කොටස් පෘථිවිය මතට පතිත වීමේ අවදානමක් තිබෙන බවය.ඒ සදහා උදාහරණයක් ලෙස ඔවුන් පසුගිය පෙබරවාරි මස රුසියාවට කඩා වැටුණු ඇස්ටරොයිඩ කැබලි වලින් සිදුවූ හානිය පෙන්වා දේ.
පෘථිවියට හානි ගෙනදීමට ඉඩ ඇති ඇස්ටරොයිඩයන් හදුනාගැනීම මෙතැනදී මුලින්ම සිදුවිය යුතු වුවද ඒ සඳහා තවමත් නිසි පද්ධතියක් නොමැති බව නාසා විද්‍යාඥයින්ම පිළිගන්නකි.දැනට තිබෙන පද්ධතිය එසේ ඇස්ටරොයිඩයන් හඳුනාගැනීමට තරම් දියුණු නොවේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇස්ටරොයිඩ විනාශ කරන්න න්‍යෂ්ඨික අවි?
පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 06:01 AM
මිහිදු මැතිදු හිටියනම් ලංකාව තව අවුරුදු 5කින් 10කින් න්‍යෂ්ටික බලවතෙක් වෙන්න තිබ්බා.(නදී)
බණ්ඩා Tuesday, 23 June 2015 06:40 AM
පිවිතුරු යහපාලන මහත්තයෝ මිහිදු මැතිදු මේ දවස් වල නෂ්ටික බොම්බේ හදනවා තව මාස කිහිපයකින් එක පාවිච්චි කරලා ශ්‍රීලංකා නිදහස් පක්ෂය කුඩු කරනවා .(ම)
එච්.පෙරේරා Tuesday, 23 June 2015 01:15 PM
බලවත් රටවල් ඇස්ටරොයිඩයක් විනාශ කරන මුවාවෙන් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරගැනීමෙන් වෙන්නේ ආසියාතික රටවල් වලට තර්ජනාත්මක බලපෑමක් ඇතිවීමයි. අවංක චේතනාවෙන් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කලත් වැඩි කලක් යන්නත් කලින් අපගේ ඕසෝන් ඉස්තරයට විශාල හානියක් වගේම පාසරික වශයෙන් විකුර්තිතාවයන් හා පෘටිවීයේ ජීවත් වෙන ජීවීන්ට ජානමය විකුර්තිතාවයන් ඇති වීමට හේතු වෙන්න පුළුවන්. (බ)
පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 06:57 AM
බණ්ඩා මහත්තයෝ නිදහස් පක්ෂේ කුඩුවෙන්නේ මහින්ද මැතිතුමාට නායකත්වය දුන්නේ නැත්තම් විතරයි. මහින්ද මැතිතුමාට පක්ෂ පාට වලට වඩා වටින්නේ මේ රට බව මතක තිය ගන්න. මේ රට කොටියට යයි මහින්ද මැතිතුමා බලයට පත් වුණේ නැතිනම්.(ම)
අමන්දා Tuesday, 23 June 2015 02:00 PM
ඇමෙරිකාව තමන්ගේ මුදල් වලින් ලෝකය බේර ගන්න දරන උත්සාහයට කව්රුත් ස්තුතියි කියන්නේ නැතිද.(නදී)
විපුල Tuesday, 23 June 2015 07:59 AM
අනේ අම්මප , හැමදේටම දේශපාලනේ ඇදගෙන ගොන් ආතල් ගන්න මීහරක් ඉන්නවනේ මේ රටේ, (බ)
නිමල් ජයසිංහ Wednesday, 24 June 2015 05:31 AM
ලංකාවෙ කවුරුවත් බය වියයුතු නැහැ. පිරිත් පැන් බලයෙන් ද, නැකැත් කරුවන්ගේ උපදෙස් මගින්ද, තිස්තුන් කෝටියක් දෙවියන් විසින්ද ලංකාව රැක ගන්නවා . (නදී)
සම්පත්-ඩුබායි Tuesday, 23 June 2015 08:22 AM
පිවිතුරු යහපාල මොන ලෝකෙද ඉන්නේ.....පිස්සුද ? හැටිද? (නි)
රොහිත Tuesday, 23 June 2015 09:46 AM
ඔබේ කතාව මාත් එකඟයි (ම)
රොහාන් සෞදි Tuesday, 23 June 2015 10:40 AM
පිවිතුරු යහපාල සහ එයාගේ මහින්ද ලොක්කට තාරු පෙන්නයි ඇස්ටරොයිඩ කැල්ලක් වැටුනානම්, මොලය උඩ වාඩිවෙලා ඉන්න කට්ටිය. (බ)