IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


ඇමෙරිකා රාජ්‍ය ලේකම් මියන්මාර ජනපති හමුවෙයි

කාම්බෝජයේ පැවැත්වෙන නැගෙනහිර ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුව හෙවත් ‘ආසියාන්’ සමුළුවට සමගාමීව මියන්මාර ජනපති ත්වෙන් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අතර විශේෂ හමුවක් ඊයේ (13) පැවැත්විණි. එම හමුව පැවැත්වූයේ කාම්බෝජයේ සංචාරක පුරවරය ලෙස සැළකෙන සියෙම් රීප් නුවරදීය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එය දෙරටටම ඉතා වැදගත්  රාජ්‍යතාන්ති‍්‍රක හමුවක් වූ බවය. හමුව පැවැත්වූයේ ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා මියන්මාරයට නව ඇමෙරිකා තානාපතිවරයකු පත් කර එවීමත්, මියන්මාරයට එරෙහිව පනවා තිබූ ආර්ථික සහ වෙළෙඳ සම්බාධක තව තවත් ලිහිල් කිරීමත් සමඟය. මියන්මාරයට ඇමෙරිකාවෙන් තානාපතිවරයකු පත් කෙරුණේ වසර 22 කට පසුවය.  මියන්මාරයේ තනාපති ලෙස පත්වූයේ ආසියා පැසිෆික් කලාපීය කටයුතු සම්බන්ධ ඇමෙරිකානු විශේෂ නියෝජිතවරයා ලෙස කටයුතු කළ ඩෙරික් මිචෙල්ය. ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ලිහිල් කළ නිසා ඇමෙරිකා සමාගම්වලට මියන්මාරය සමඟ ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට ඉඩ සැලැසී තිබේ. මියන්මාරයේ දළදඩු හමුදා පාලනයක් පැවැති සමයේදී  ඇමෙරිකාව මියන්මාරය සමඟ රාජතාන්ති‍්‍රක සම්බන්ධකම් අත් හැරියේය. මියන්මාරයේ හමුදා පාලනය අවසන් වීමෙන් පසු වර්තමානයේ පවතින්නේ සිවිල් රජයකි. එම සිවිල් රජය දේශපාලන ප‍්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දී ඇති අතර ඒවා ඇමෙරිකාවේ පැසැසුමට ලක් වී ඇත. මියන්මාරයට එරෙහි සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකා රජය තීරණය කර ඇත්තේ  එහෙයිනි.



අදහස් (0)

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මියන්මාර ජනපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඈන් කුමාරියට අශ්වයකුගෙන් පා පහරක්
2024 ජුනි මස 25 1111 2

අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි බකිංහැම් මාලිගය පවසයි. රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරං


සඳෙන් පස් අරන් චීන යානය එනවා
2024 ජුනි මස 25 1244 1

සඳේ අඳුරු කාලාපයට ගොඩබැස, පස් සාම්පල එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය අද (25) පෘථිවියට පැමිණෙනු ඇත.


අසාන්ජ් ඇමෙරිකන් අධිකරණය හමුවට
2024 ජුනි මස 25 1374 2

‘විකිලීක්ස්’ වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකාවේ හමුදා රහස් ලොවට හෙලි කළ බව ඇමෙරිකන් අධිකරණය හමුවේ පිළිගැනීමට තමන් සූදානම් බව විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාත


යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි
2024 ජුනි මස 24 1738 0

මීටර් 27 ක් පළල දැවැන්ත ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බවත්, ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වී, එය පෘථිවියේ හැපුණොත්, මහා විනාශයක් වීමට ඉඩ ඇති බවත් ඇමෙරික


රුසියාවේ ඩැගෙස්තාන් නගරවලට ත්‍රස්ත ප්‍රහාරයක්
2024 ජුනි මස 24 2826 2

රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජනරජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට, යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ ආයුධවලි


තව අවුරුදු 14 කින් ග්‍රහකයක් පෘථිවියේ හැපෙනවා
2024 ජුනි මස 23 5205 8

තව අවුරුදු 14 කින්, එනම් 2038 වසරේ ජූලි 12 වැනිදා, දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 253 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1453 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3228 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site