ඇමෙරිකා නාවික හමුදාවට අයත් අති දැවැන්ත ‘ඒබ‍්‍රහම් ලින්කන්’ යුද නැව පෙරේදා (22) කිසිදු බාධාවකින් තොරව, ඉරානය අසල පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත‍්‍රා කොට අරාබි ගල්ෆ් මුහුදට පිවිසියාය.
ඇමෙරිකාව සිතා සිටියේ යුද නැවට එරෙහිව ඉරාන නාවික හමුදාව වහා කි‍්‍රයාත්මක වනු ඇති බවය. එසේ කි‍්‍රයාත්මක වුවහොත් ඉරාන නාවික හමුදාව සමඟ ගැටුමක් ඇති කර ගැනීමට තමන් සූදානමින් සිටි බව ද ඇමෙරිකාව පැවැසීය.
කිසිදු බාධාවකින් තොරව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත‍්‍රා කළ එම යුද නෞකාව තවත් ඇමෙරිකා යුද නෞකාවක් වන ජෝන් සී. ස්ටේන් යුද නෞකාව සමඟ මේ වනවිට අරාබි මුහුදේ රැුඳී සිටින බව ද වාර්තා වේ.
ලෝකයේ ප‍්‍රධාන තෙල් සැපැයුම් මාර්ගයක් වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධියයි. ඉරානය ඉකුත් දෙසැම්බර් 25 වැනිදා සිට දින 10 ක් තිස්සේ නාවික අභ්‍යාසයක් පැවැත්වූයේ ද එම සමුද්‍ර සන්ධියේය. එම නාවික අභ්‍යාසය පැවැත්වීමේ අරමුණ වුණේ ලෝක තෙල් සැපැයුම්වලට බාධා කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයට හැකි යැයි පෙන්වීමටය.
ඇමෙරිකා යුද නැව් ඉරානය අසල මුහුදු සීමාවේ ගැවසෙන්නේ ඉරානය කුපිත කරවා ප‍්‍රහාරයක් එල්ල කරන තැනට වැඩ සිද්ධ කිරීමට යැයි යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පොළඹවා නොගැනීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලට ඉඩක් ලබා නොදෙන මෙන් ඉරාන රජය මැදපෙරදිග රටවලින් ඉල්ලීමක් කර ඇත.
පරමාණු බෝම්බ නිපදවන බවට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම ඉරානයට සම්බාධක පැනවුවහොත් අකමැත්තෙන් වුවත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන්ට සිදුවනු ඇතැයි ඉරානය අනතුරු අඟවා තිබේ. අරාබි කලාපයේ සාමය පවතිනවා දැකීම ඉරානයේ ද අරමුණ යැයි ඉරානය වැඩි දුරටත් කියා සිටියි.
ඉරානයේ අසල්වැසියන් වන අරාබි රටවල සහාය ඉරානයට අවශ්‍ය බව ද විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මැදපෙරදිග රටවල තෙල් අපනයන කටයුතු සිදුවන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේය.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
බඩුත් හාමුදුරුවන්ගෙ, නඩුත් හාමුදුරුවන්ගෙ
අපි ඕවට බය නෑ