සෝමාලියා මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ වසර දෙකකට වැඩි කාලයක් අත්අඩංගුවේ පසුවූ ඇමරිකානු මාධ්‍යවේදී මයිකල් ස්කොට් මෝර් නිදහස් කර ඇතැයි ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ සෝමාලි බලධාරින් සී.එන්.එන්. පුවත් සේවයට පවසා ඇත.
මයිකල් ගේ මව වන මාර්ලිස් සෝන්ඩර්ස් මාධ්‍යය සමග කෙටි සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇත්තේ ‘‘මෙම අවස්ථාව කරා ලඟාවීමට අපිට විශාල වැඩකොටසක් කළා. දැන් මගේ පුතා මයිකල් නිදහස් හුඟක් සතුටුයි ඒ සතුට මට විස්තර කිරීමට අපහසුයි යන්නයි.“ මාර්ලිස් කැලිෆෝනියාවේ රෙඩොන්ඩෝ බීච් හි වාසය කරන්නීය.
සෝමාලියාවේ මුඩක් කලාපයේ ආණ්ඩුකාර ආර්මඩ් මියුස් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ මූර්ගේ නිදහස පතා ඔහුගේ වැඩිහිටියන් සාකච්චා කළ බවයි. මියුස් පවසන්නේ මූර් සෝමාලියාවේ වයඹ දිග පිහිටි ගල්කයෝ ගුවන්තොටින් ගුවන් යානයකට ගොඩවු බවයි.
මෙම මාධ්‍යවේදියා කුමන දේශයකට ගමන් කරන්නේ ද යන්න මියුස් පවසා නැත.
මම හුඟක්ම ත්‍රාසයට පත්වුනා යැයි මූර්ගේ වෙබ් අඩවි කර්තෘ වන මිකෙල් ටොඩ් පැසිපික් ස්ටෑන්ඩර්ඩ් සඟරාවට පවසා ඇත.මේක හරියට මරණයට පත්වු කෙනෙක් නැවත පණ ලැබූවා හා සමානයැයි පවසන ඔහු මේක අපුර්වජනක මළවුන්ගෙන් නැගිටීමක් වැනි යැයි වැඩිදුරටත් පවසා තිබේ.
ටොඩ් නැවතත් පැවසුවේ මුර් විසින් සොමාලියාව ගැන තීරුලිපි ලියු බවයි. එමෙන්ම සොමාලි මුහුදු කොල්ලකරුවන් ගැනද පර්යේෂණයක නියැලෙමින් සිට ඇත.
ප්‍රවෘත්ති සංවිධානයක් හැටියට මයිකල් මුහුදු කොල්ල කරුවන්ගේ ග්‍රහණයට හසුවීම ගැන ලිවීමට අවශ්‍ය උනා. නමුත් ඔත්තු සේවා සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා ඒ හේතුවෙන් මොහුගේ ජීවිතයට අනතුරක් වේවි යැයි සැකය හේතුවෙන් ලියන්න එපා කියල. ඒක හොඳ අදහසක් නැත්නම් මොහු නිදහස් කර ගැනීම ඉතාමත් අපහසුවන්න ඉඩ තිබුනා යැයි ටොඩ් පැවසීය.
පැසිපික් ස්ටෑන්ඩඩ් හි කර්තෘ මාරියා ස්ට්‍රෙසින්ස්කයි පැවසුවේ ඔහු නිදහස් කිරීම ගැන දැනෙන්නේ සතුටක් ඇත්තෙන්ම පසුගිය කාලය ගෙවීගියේ ඉතාමත් කනස්සල්ලෙන් දැන් අපි ප්‍රමුදිත උනා. අපි සිතනවා මූර් යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටිනවා කියල.
තම පුතු වෙනුවෙන් යම් කප්පම් මුදලක් දුන්නා දැයි ඇසු ප්‍රශ්නයට මූර්ගේ මව පිලිතුරක් දී නොමැත.
මියුස් ද පවසා ඇත්තේ කප්පම් මුදලක් දුන්නා දැයි තමන් නොදන්නා බවයි.
සෝමාලියා කොල්ල කරුවන්ගේ කටයුත්ත මිනිසුන් පැහැරගෙන ගොස් නිදහස් කිරීමට කප්පම් මුදල් ඉල්ලීමයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මූර් සෝමාලියා කොල්ල කරුවන්ගේ ග්‍රහණයට අසුවන කාලය වන විට තම පුරවැසියන්ට සෝමාලියාවට යාම අනතුරු සහිතයැයි දැනුම්වත් කර තිබු බවයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකා මාධ්‍යවේදියා යළි උපදියි
චමින්ද Wednesday, 24 September 2014 08:11 PM
අනිවාර්යෙන්ම කප්පන් මුදල දෙන්න ඇති.මොකද ඔය සෝමාලි කොල්ලකරුවෝ නොමිලේ කිසිම දෙයක් කරන්නේ නැහැ.(දී)
තිලක් Thursday, 25 September 2014 04:32 AM
ඩොලර් මිලියන එකහමාරක් දුන් බව ජාත්‍යන්තර ජනමාධ්‍ය ප්‍රකාශ කළා.(දී)