ඇමෙරිකාවේ කොලරාඩෝ නගරයේ මැදි වියේ යුවළක් සැන්ඩවුන් සුරතල් බල්ලා සමග තම වාහනයෙන් කිලෝ මීටර් 150ක් ඈත මොන්ටානා ප්‍රාන්තයට ගියහ.

ඒ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් සඳහාය. අතරමගදී අවන්හලක් අසල රිය නවත්වා අඹු සැමියන් කෝපි බීමට ගියහ.

කාන්තාව රියදුරු අසුන යට තබා ගිය ඩොලර් සියයේ නෝට්ටු නෝට්ටු 5ක් (රුපියල් 72000) බල්ලා විසින් සපා කා ගිල දමා තිබිණි.

වාහනයේ විසිරී තිබූ ඩොලර් කෑලි කිහිපයක් හමුවිය. භෝජන සංග්‍රහයෙන් පසු ගෙදර ආ ඔවුහු දින තුනක් මුළුල්ලේ බල්ලාගේ මළ එකතු කැර ඩොලර් නෝට්ටු කෑලි එකතු කළේය.

ඒ කෑලි අලවා කොලොරාඩෝ රාජ්‍ය භාණ්ඩාගාරයට ඉදිරිපත් කොට ඩොලර් 500ක් (රුපියල් 72000) ඔවුහු ලබාගත්හ.