ඇමෙරිකාවෙන් ගුවන් ප‍්‍රහාරයක් එල්ලවේවියැයි බියෙන්, ඉරානය මින් ඉදිරියට ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු කඳුකරයේ පිහිටි භූගත බංකරයක සිදුකිරීමට බලාපොරොත්තු වන බව වාර්තාවේ. ඒ සඳහා ෂියා මුස්ලිම්වරුන්ගේ ශුද්ධ නගරයක් ලෙස සැලකෙන කොම් නගරය අසල පිහිටි කඳුකරය තෝරා ගෙන ඇති බව ද ඉරාන රජය පවසයි. රුසියාවේ ද සහාය ඇතිව ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කළේ රටේ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණ ඇතිවය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ගණනාවක් පවසන්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය. එහෙත් ඉරානය එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරයි. එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති අධිකාරිය පසුගියදා එළිදැක්වූ වාර්තාවක ද සඳහන්ව ඇත්තේ ඉරානය හොර රහසේ න්‍යෂ්ටික අවි නිපදවන බවට තොරතුරු අනාවරණය වී ඇති බවය. පසුගියදා ඇමෙරිකා හමුදාවේ ඔත්තු බලන නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් ඉරාන හමුදාව අතට පත්විය. එම යානය ආපසු දෙන්නැයි ඇමෙරිකා රජය ඉල්ලීමක් කළ ද ඉරානය එය ප‍්‍රතික්ෂේප කළේය. ඉරානය පවසන්නේ තමන්ගේ න්‍යෂ්ටික බලාගාර ගැන ඔත්තු බැලීමට ඇමෙරිකාව එම යානය එවූ බවය. කිසිදු හානියක් නොවී යානය ඉරාන හමුදාව අතට පත්වූයේ කෙසේ ද යන්න ඇමෙරිකාවට ලොකු ප‍්‍රශ්නයක් වී ඇත.
2025 දෙසැම්බර් මස 04
395
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
444
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකා ප‍්‍රහාරයක් එල්ලවේයැයි බියෙන් ඉරානයේ න්‍යෂ්ටික කටයුතු භූගත බංකරයක