IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ඇමෙරිකා-ජපාන ජාතිකයන් වුහාන්වලින් මුදා ගනී

ඇමෙරිකානු සහ ජපාන ජාතිකයන් සිය ගණනක් චීනයේ වුහාන් නගරයෙන් මුදා ගැනීමට එම රටවල බලධාරිහු අද (29) පියවර ගත්හ.

මාරාන්තික කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙන් වන අතර මේ වනවිට එම නගරය පූර්ණ නිරෝධායනයකට ලක් කර තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය ගණන මේ වනවිට 132 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර වයිරසය ආසාදනය වූ පිරිස 6,000 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම නව වෛරසය ආසාදනය වූ පිරිස 2002-2003 කාලයේ පැතිර ගිය සාර්ස් වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව ද ඉක්මවා ගොස් ඇතැයි පැවසේ.

නව වෛරසය මේ වනවිට රටවල් 15කට ව්‍යාප්ත වී තිබේ. වෛරසය පිළිබඳව මුලින්ම තොරතුරු වාර්තා වූයේ වූහාන් නගරයෙන් වන අතර ඒ පසුගිය වසරේදීය. 

 පසුගිය සතියේ දී සංචාරක තහනම් පැනවීමට චීන බලධාරීන් පියවර ගත් මින් පෙර කිසිදු අවස්ථාවක නොවූ අයුරින් වූහාන් නගරය පූර්ණ නිරෝධායනයකට ලක් කිරීමට බලධාරීහු කටයුතු කළහ. මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් මිලියන 50කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති.

 “අපට නිදහසේ එහා මෙහා යන්න බැහැ. ඒ නිසා අපට හරිහැටි විස්තර ලැබෙන්නේ නැහැ” යැයි ගුවන් මගින් මුදාගත් ජපන් ජාතිකයෙක් පැවැසීය. 

“එක් අවස්ථාවකදී රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ව්‍යාප්ත වුණා. එය ඉතාම කනගාටුදායක” යැයි හෙතෙම කීවේය.

වෛරසය පැතිර යෑම වැළැක්වීම සඳහා චීනය අතිවිශේෂ ක්‍රියාමාර්ග සහ පියවර ගනිමින් සිටින අතර විදෙස් ගමන් පවා තහනම් කිරීමට පියවර ගෙන ඇත. චීන නව වසර පසුගිය සතියේදී උදා වූ අතර එසේ වුවත් පාසල් වසා දැමීමටත් උත්සව නැවැත්වීමටත් චීනය පියවර ගත්තේය.

මේ වනවිට වෛරසය කෙරෙහි ගෝලීය අවධානය වැඩි වී තිබෙන අතර ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ තවත් රටවල් කිහිපයක් චීනයට යෑමෙන් වැළැකී සිටින්නැයි එම රටවල වැසියන්ට උපදෙස් දී තිබේ. 

වූහාන් නගරයේ විදේශකියන් දහස් ගණන් සිර වී සිටින අතර ගමනාගමන තහනම් පැනවීම නිසා නගරවැසියෝ නිවෙස්වලට වී සිටිති. 

වූහාන් නගරයෙන් තම ජාතිකයන් මුදා ගැනීම සඳහා රටවල් රැසක් සති කිහිපයක් මුළුල්ලේ උත්සාහ දැරූ අතර බොහෝ රටවලට දැඩි අර්බුදවලට මුහුණ දීමට සිදුවිය.

විශේෂයෙන්ම ප්‍රවාහන, සැපයුම්, වෛද්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික හා නිලධාරීවාදී ගැටලුවලට මුහුණ දීමට සිදුවිය. 

ජපන් ජාතිකයන් 200ක් රැගෙන චීනයේ වූහාන් නගරයෙන් පිටත් වූ ගුවන් යානයක් අද (29) උදෑසන ටෝකියෝ වෙත ළඟාවිය. 

වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් එම ගුවන් යානයේ සිටි බවත් ඔවුන් ජපන් ජාතිකයන් පරීක්ෂා කළ බවත් සඳහන් කළ ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඔවුන් නිරෝධායනය කිරීමට තීරණය කර නැතැයි ද සඳහන් කළේය.

කෙසේ නමුත් පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු හෝ නිවෙස්වලට වී සිටින්නැයි ජපන් බලධාරීන් වූහාන් නගරයෙන් මුදාගත් පිරිසගෙන් ඉල්ලා ඇත. 

ඇමෙරිකා එක්සත් ජනපදය ද විශේෂ ගුවන් යානයක් යවමින් වූහාන් හි සිටි ඇමෙරිකානුවන් 200ක් ගෙන්වා ගැනීමට කටයුතු කළ අතර ඒ අතර ඇමෙරිකානු කොන්සියුලර් කාර්යාලයේ සේවකයෝ ද වූහ. 

යුරෝපා සංගමය ද ප්‍රංශයට අයත් ගුවන් යානා දෙකක් යවමින් එරට සිටින යුරෝපා සංගමයේ රටවල ජාතිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇති බවත් ඉදිරි දින කිහිපයේදී එම ගුවන් යානා චීනයට ළඟා වනු ඇති බවත් වාර්තා විය.

දකුණු කොරියාව ද ඉදිරි දින කිහිපයේදී සිය ජාතිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇතැයි පැවසිණි.

ඉදිරි දින කිහිපයේ දී වූහාන් නගරයේ සිටින තම ජාතිකයන් මුදාගෙන ඔවුන් නිරෝධායනයට ලක් කරන බව ඔස්ට්‍රේලියාව ද අද (29) ප්‍රකාශ කළේය.

සාමාන්‍යයෙන් සරණාගතයන් රඳවා තබන දූපතකට ඔවුන් යොමු කරන බවත් එහිදී එම පිරිස නිරෝධායනයට ලක් කරන බවත් ඔස්ට්‍රේලියානු බලධාරීහු ප්‍රකාශ කළහ. 

ඒ.එෆ්.පී. 

055



අදහස් (0)

ඇමෙරිකා-ජපාන ජාතිකයන් වුහාන්වලින් මුදා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site