තම සේවකයන් හට ෆේස්බුක්,ට්විටර් වැනි සමාජ වෙබ් අඩවි වල පවත්වාගෙන යන ගිණුම් ඇත්නම් ඒවායේ මුරපද ඉල්ලා සිටීමේ අයිතිය සේවායෝජකයන්ට ලබාදිය යුතුයැයි සදහන් කරමින් ඉදිරිපත් කෙරුණු පණතක් පසුගියදා ඇමරිකා කොන්ග්‍රස් මණ්ඩලයේදි වැඩි ඡන්දයෙන් සම්මත විය.
මෙයට පක්ෂව ඡන්දය දුන් පාර්ශවයන් ප්‍රකාශ කර සිටියේ මේ අනුව රජයට හා ෆේස්බුක් වැනි සමාගම් වලට එක්ව ක්‍රියාකළ හැකි බවයි.විශේෂයෙන් ත්‍රස්ත කි මැඩලීමට මෙය මහගු උපකාරයක් වනු ඇතැයි ඔවුන්ගේ අදහසයි.බොහෝ දෙනා පෞද්ගලික තොරතුරු ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි ඔස්සේ හුවමාරු කරගන්නා බැවින් මේ පණත සම්මත කර නීතිගත කිරීමෙන් සියලූදෙනා කෙරෙහි ඇස ගසාගෙන සිටීමට හැකි වනු ඇතැයි ඔවුන්ගේ මතයයි.
විපක්ෂවද සැලැකිය යුතු තරමේ කරුණු නැතුවා නොවේ.විපක්ෂව ඡන්දය දුන් අයගේ අදහස වී තිබුණේ මෙය ජනතාවගේ පෞද්ගලික ජීවිතයට අනවශ්‍ය ලෙස ඇගිලි ගැසීමක් බවයි.සමාජ වෙබ් අඩවි ඇත්තේ රජයට හා සමාගම් වලට zzඔත්තුzz සැපැයීමට නොව අවශ්‍යතාවය ඇති පුද්ගලයන්ට තම සමිීපතමයන් හා සම්බන්ධතා පවත්වාගෙන යාම,මිතුරන් ඇතිකරගැනීම ආදී දේ වලට පමණක් බව ඔවුන්ගේ අදහස වේ.
පණත නීතිගත කිරීම සදහා ඇමරිකානු සෙනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු අතර මෙතෙක් එය ලැබී නොමැති බව සදහන්ය.
2012 වසරේ සයිබර් ප්‍රහාර වැළැක්වීමේ අරමුණින් ඇමරිකා පාර්ලිමෙන්තුව සිස්පා නම් පණතක් ඉදිරිපත් කළ අතර එම පණත අනුව අන්තර්ජාලයේ කෙරෙන සියලූ ගනුදෙනු වලට අතපෙවීමේ අයිතිය බළධාරීන්ට හිමිවීමට නියමිතව තිබුණි.පණතේ අඩංගුව තිබූ කරුණු අනුව මේ අතපෙවීම් ඇමරිකාවට පමණක් සීමා වන්නේද නැත.තම තමන්ගේ සමාජ ගිනුම් වල මුරපද තමන් සේවය කරන ස්ථාන වල ප්‍රධානීන්ට ලබා දිීම නීතිගත කිරීමටද මෙම පණතෙන් යෝජනා වී තිබුණි.මේ කරුණු මුල් කරගෙන විකිපීඩියා,ගූගල්,මයික්‍රොසොෂ්ට් වැනි අන්තර්ජාලයේ නම ගිය වෙබ්අඩවි දැවැන්ත විරෝධයක් ගෙන ගිය අතර විකිපීඩියා වෙබ් අඩවිය පැය 24 ක් පුරාවට ක්‍රියාවිරහිත කර තැබීමටද එහි නිර්මාතෘවරු කටයුතු කළහ.මේ විරෝධය හමුවේ පණත හකුලා ගැනීමට ඇමරිකා පාර්ලිමෙන්තුවට සිදුවිය.දැන් එය නැවත කරලියට පැමිණ ඇති සෙයක් පෙනේ.
සියල්ල තීරණය වනු ඇත්තේ ඇමරිකා සෙනට් මණ්ඩලය ගනු ලබන තීරණය අනුවය.
COMMENTS
ලෝකයේ ඉන්න හොඳම ම්ලේච්ච ජාතිය මුර පදය ඉල්ලන්නේ. පනත සම්මත කර ගත්තොත් සියලු ගිණුම් ක්‍රියා විරහිත කිරීමයි හොඳම දේ.(නදී)
දැන් ලියන්න කියන්න දන්නා මිනිස්සු වැඩි වෙලා ඇමෙරිකාවේ හෙළුව එළිවෙලා. ඇමෙරිකාව පිස්සු නටනවා. මෙහෙම ගියොත් තමන්ගේ බිරිඳට කියන දේවලුත් ඇමෙරිකාවට අවශ්‍ය වෙයි වගේ.(නදී)
ලංකාවේ මිනිස්සුත් ඇමරිකා වල ඉන්නවා. මෝඩයෝ වගේ හැමදේටම ඇමරිකාවට බනින්න එපා. මේ වගේ රටකට ඇවිල්ල බලන්න. (නි)
ඇමෙරිකාව හොඳ ලස්සන රටක්. පාලනයි හොඳ නැත්තේ .(නු)
ඇමරිකාව අපේ රටේ මාධ්‍යය නිදහස ගැන කතා කළාට තමන් ගේ රටේ කරන දේවල් පෙනෙනවද ? කකුළුවා ඇදට යන ගමන් පැටුන්ට කෙලින් යන්න කියනවා වගේ මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා? (නි)