IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමෙරිකාව සමඟ සාකච්ඡා ‘සුදුසු පරිදි’ සිදුවුණේ නැහැ

නිමාවට පත්වුණු එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සැසිවාරයේදී, ඉරාන ජනාධිපති හසන් රොව්හානී ඇතුළු නියෝජිත පිරිස සහ ඇමෙරිකා නියෝජිත පිරිස අතර පැවැති සාකච්ඡා ‘සුදුසු පරිදි’ සිදු නොවුණු බවත්, ඉරාන ජනපති ඇතුළු කණ්ඩායම කඩිනම් තීරණ ගත් බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කොමේනී කියයි.

ඉරාන විප්ලවයෙන් පසු, ඉරානයේ පවතින්නේ ඉස්ලාම් දහම පාදක කොට ගත් දේශපාලන ක‍්‍රමවේදයකි.

උත්තරීතර නායක අයතුල්ලා කොමේනී සහ ඔහුගේ නායකත්වයෙන් යුත් උත්තරීතර පාලක මණ්ඩලයට, ජනපති ධුරය ඉක්මවා ගිය සුපිරි බලතල හිමි වී ඇත.

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැති 68 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල් කොට ගනිමින්, ඉරානය සමඟ ගැටුම් ඇති කර නොගන්නා බවත්, එම න්‍යෂ්ටික වැඩසටහන නිසා හටගත් අර්බුදය රාජතාන්ති‍්‍රක මට්ටමින් විසඳා ගැනීමට කටයුතු කරන බවත් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා අවධාරණය කළේය.

ජනපති ඔබාමා එසේ කියා සිටියේ ඉරාන විදේශ ඇමැති මොහොමඞ් ජවාඞ් සරීෆ් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පමණක් නොව බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් සමඟ ද සාකච්ඡුා පැවැත් වූ නිසාය. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ‘සෘජු සාකච්ඡුාවක්’ පැවැත්වූ පළමු අවස්ථාව වූයේ ද එයයි.

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැති එම මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමෙන් පසු, යළි සිය රට පැමිණි ඉරාන ජනපති හසන් රොව්හානිට විරෝධතාකරුවන්ගෙන් කුණු බිත්තර සහ සපත්තු ප‍්‍රහාරයක් එල්ල විය. ප‍්‍රහාරය එල්ල වූයේ රොව්හානි, ගුවන් තොටුපොළේ සිට සිය රිය පෙරහරින් ජනපති මන්දිරය බලා ගමන් කරමින් සිටිද්දීය.

විරෝධතාවට සියයකට වැඩි දැඩිමතධාරී කි‍්‍රයාකාරීහු පිරිසක් සහභාගී වී සිටියහ. විරෝධය එල්ල වුණේ ජනපති රොව්හානි, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට මහා මණ්ඩල සමුළුව අතරතුරේ දී උත්සහ ගැනීමය.



අදහස් (0)

ඇමෙරිකාව සමඟ සාකච්ඡා ‘සුදුසු පරිදි’ සිදුවුණේ නැහැ

කමල් Wednesday, 09 October 2013 02:39 PM

රොෂාන්, මේ මිනිස්සු සාමයට මෙතරම් වෛර කරන්නේ ඇමරිකන් සාමය සැබෑ සාමයක් නොවන නිසා වෙන්න ඇති(දිල්)

:       0       0

කුමාරි Wednesday, 09 October 2013 01:11 PM

අද යහපත යනු කුමක්දැයි තේරුම්ගන්න නොහැකි සමාජයක් තමයි ලෝකය පුරාම පැතිරී තිබෙන්නේ (නි)

:       0       0

රොෂාන් Wednesday, 09 October 2013 01:13 PM

මේ මිනිස්සු සාමයට මෙපමණ වෛර කරන්නෙ ඇයි කියා හිතාගන්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site