අභ්‍යාවකාශගාමින් අභ්‍යාවාකශයට යැවීම සඳහා 2011 සිට තම යානා භාවිතා නොකර රුසියන් යානා භාවිතා කළ ඇමෙරිකාව යළි ඒ සඳහා යානා නිපදවීමට තීරණය කැර තිබේ.
2011 සිට ඇමෙරිකාව අභ්‍යාවකාශ කටයුතු සඳහා භාවිතා කරන ලද්දේ රුසියාවේ සොයුස් යානාය. ඉදිරියේ දී යළි තම යානා භාවිතා කිරීමට තීරණය කැර ඇති නාසා ආයතනය ඒ සඳහා අවශ්‍ය යානා නිපදවීමට බොයිං සමාගමට සහ ස්පේස් එක්ස් සමාගමට ඇමෙරිකානු ඩොලර් කෝටි 620ක් ලබා දී ඇත.
අළුතෙන් නිපදවන මේ යානය 2017 දී අභ්‍යාවාකයට යැවීමට නියමිතය. ඇමෙරිකාව පවසන්නේ අභ්‍යාවාකශ ගමන් සඳහා එක් අසුනක් වෙනුවෙන් රුසියාව ඇමෙරිකානු ඩොලර් කෝටි හතක මුදලක් අයකරන බවයි. එය අධික මුදලක් බව ද ඔහු කියයි.
COMMENTS
මුළු ලෝකය වෙනුවෙන් විශ්වය ගවේෂණයට තමන්ගේ මුදල් වැයකරන ඇමරිකාවට තුති වේවා! (නි)
ඇමෙරිකාව මුදල් වියදම් කරන්නේ ලෝකය වෙනුවෙන් කියල කියන්නේ හරියට ඇමෙරිකාවේ වැඩකටයුතු නොදන්නා අය..ඇමෙරිකාව මුදල් වැය කරන්නේ මුළු ලෝකය පුරාම තියෙන යුද්ද පවත්වාගෙන යන්නත් ..අලුතෙන් වෙනත් රටවල් තුල යුද්ද නිර්මාණය කරන්නත් බව ලෝකයේ ඉන්න බුද්ධිමතුන් දන්නවා. එකට හේතුව තමයි එයාලගේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ යුද අවි සහ උපකරණ නිෂ්පාදනය කරන කම්හල් වල අදායමෙන් .රටේ ජාතික නිෂ්පාදන අදායමෙන් වැඩිකොටසක් හොයන්නේ මේ යුද අවි වලින්. එක තමයි ඇත්ත කතාව. (අ)
ඇමරිකාවට ජය වේවා. (නදී)