ද ශකයකටත් අධික කාලයක් තිස්සේ දිග්ගැසෙමින් පවතින ඇෆ්ගන් යුද්ධයට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම සොයා ගැනීමේ උනන්දුව වඩාත් වැඩිව ඇති බව පසුගිය සතියේදී දක්නට ලැබිණ. 2014 අවසන් වන විට තම හමුදා ඉවත් කර ගන්නා බවට පොරොන්දු වී ඇති එක්සත් ජනපදයට තලේබාන් සටන්කරුවන් යුද්ධයෙන් පරාජය කරීමට ඇති අවස්ථා විරල නිසා ගෞරවාන්විතව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව යෑමට නම් සටන් බිමේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වන තලෙබාන් සංවිධානය සමග කිසියම් ආකාරයක එකඟතාවකට පැමිණිය යුතුය. අනෙක් අතට මේ වසර අවසානයේදී ජනාධිපති ඔබාමා නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නිසා කලින් පැවැති ජනාධිපතිවරණයේදී ඉක්මනින් ඇෆ්ගන් යුද්ධය ජයග‍්‍රාහීව අවසන් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන බවක් හෝ ඡන්දායකයින්ට පෙන්විය යුතුය. එහෙත් තලෙබාන් සටන් කරුවන් සමග සාකච්ඡා පැවැත්වීමට මීට පෙර අවස්ථා ගණනාවකදී මුල් පිරුම් ගණනාවක් තිබූ නමුත් ඒ කිසිත් සාර්ථක වූයේ නැත. ඒ උත්සාහය අවසන් වූයේ බර්හනුඩින් බොනි වැනි සාම සාකච්ඡා සඳහා ඉදිරිපත් වූවන් මරා දැමීමෙන් හෝ තලෙබාන් නියෝජිතයින් වශයෙන් ඉදිරිපත්ව ඇත්තේ වංචා කාරයින් බව හෙළි වීමෙනි. කෙසේවෙතත්, මෙවර සාකච්ඡා වඩාත් හොඳ පදනමකින් ක‍්‍රියාත්මක වන බවට ඉඟියක් වන්නේ ඇමරිකාවට පක්ෂපතී ගල්ෆ් රාජ්‍යයක් වන කටාර්හි තලෙබාන් කාර්යාලයක් පිහිටුවීමට අනුමැතිය ලැබීමෙන් පසුවය. ඊට පෙර ගුවන්තනමෝ නාවික කඳවුරේ සිර භාරයේ පසුවන තලෙබාන් නායකයින් පස් දෙනෙකු කටාර් රාජ්‍යයට භාරදීමට සූදානම් යැයි ආරංචියක් පැතිර ගිය නමුත් කොංග‍්‍රස් මණ්ඩලයේ රිපබ්ලිකන් පාක්ෂිකයින්ගේ විරෝධය නිසා එය මෙතෙක් සිදුව නැත. කටාර්හි තලෙබාන් කාර්යාලයක් විවෘත කිරීමට ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි විරුද්ධ වුවද කරුණු දැක්වීමෙන් පසු ඔහු සිය විරෝධය ඉවත් කර ගත් බව පෙනේ. ජනාධිපති කර්සායි වඩාත් කණස්සල්ලට පත් වන්නේ එක්සත් ජනපදය හා තලෙබාන් සංවිධානය අතර ඍජු සාකච්ඡා පැවැත්වීමෙන් තමාගේ රජය අනතුරකට ලක්වීමට ඉඩ කඩ ඇති නිසාය. ඊට හොඳ පූර්වාදර්ශයක් වන්නේ 1973 දී එක්සත් ජනපදය උතුරු වියට්නාමය සමග පැරිසියේදී අත්සන් කළ සාම ගිවිසුමයි. එම ගිවිසුමෙන් සැබෑවටම සිදු වූයේ දකුණු වියට්නාමයෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමට අවකාශයක් ලබා ගැනීම පමණි. දකුණු වියට්නාමයේ ඇමරිකන් ගැති පාලනයට අත්විය හැකි ඉරණම සැලකිල්ලට ගත්තේ නැත. එවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා ජනාධිපති කර්සායි සූදානම් වන්නේ මූලික වශයෙන් පාකිස්තානය හා ඉරානය සමග සහයෝගිතාවකට එළැඹීමෙනි. එහි පළමු උත්සාහය වන්නේ පසු ගිය සිකුරාදා ඇෆ්ගන් ජනාධිපති පාකිස්තානු අගමැති හා ඉරාන අගමැති සමග සාකච්ඡා පැවැත්වීමය. තම රජය අස්ථාවර කිරීමට පාකිස්තානයේ හමුදාව සහ අයි.එස්.අයි. ඔත්තු සේවය තලෙබාන් සටන් කරුවන් සමග කටයුතු කරන්නේ යැයි චෝදනා කළ ඇෆ්ගන් ජනාධිපති කර්සායි දැන් උත්සාහ කරන්නේ පාකිස්තානයේ සහාය දිනා ගැනීමටය. ද්විපාර්ශ්වීය සාම සාකච්ඡුා තුළින් පාකිස්තානය බැහැර කිරීමේ උත්සාහයක් පවතින බවට සැක කරන පාකිස්තානය දැන් කර්සායි සමග සමීප සම්බන්ධතා පැවැත්වීමට සූදානම්ය. ඊට පසුබිමක් වශයෙන් මේ මාසයේ මුලදී පාකිස්තානු විදේශ ඇමැති හිනා රබානි කාර් කාබුල් නගරයට ගොස් ජනාධිපති කර්සායි සමග සාකච්ඡා පැවැත්වූවාය. ඉන් පසුව දෙරට අතර පැවැති දුර්මත බොහොමයක් ඉවත් කර ගැනීමට හැකිවූ බවද ඇය පැවසුවාය. පසුගිය සති අන්තයේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයේ පැවැති මෙම සාකච්ඡාවේ ප‍්‍රකාශිත අරමුණ වූයේ දේශ සීමා ප‍්‍රදේශ පාලනය වෙළදාම හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඞීම වුවත් මෙම පාර්ශ්ව තුනම එක්සත් ජනපදය තලෙබාන් සංවිධානය සමග පැවැත්වීමට අදහස් කරන සාම සාකච්ඡා ගැන උනන්දු වූ බව පැහැදිලිය. මෙම සාකච්ඡාවලින් අනතුරුව ජනමාධ්‍ය කරුවන් ඇමතූ කර්සායි තමා සාමකාමී විසඳුමකට හැම විටම සූදානම් වුවත් එය ඇෆ්ගනිස්ථානයේ මුල පිරුමකින් ඇෆ්ගනිස්ථානයේ නායකත්වය යටතේ සිදු විය යුතු බව අවධාරණය කළේය. ඉන් අදහස් වන්නේ කටාර් රාජ්‍යයේදී එක්සත් ජනපදය හා තලෙබාන් සංවිධානය අතර පැවැත්වෙන සාකච්ඡාවලදී ඇෆ්ගනිස්ථානයේ කර්සායි පාලනය බැහැර කිරීමේ අනතුරක් පවතින්නේය යන හැඟීමයි. එමෙන්ම කලාපයේ තීරණාත්මක බලවේගයක් වන පාකිස්තානයට එවැනි සාකච්ඡාවලට සහභාගි වීමට අවස්ථාවක් නොවන්නේ නම් එය තලෙබාන් සංවිධානය ඇති දැඩි කළ පාකිස්තානු රජයට හා හමුදාවට මුහුණ දීමට සිදුවන දැඩි පසුබෑමකි. එම නිසා ඇෆ්ගන් හා ඉරාන නායකයින් අතර සහයෝගය ගොඩ නගා ගැනීම පාකිස්තානයේ උපාය මාර්ගික අවශ්‍යතාවක් ද වන්නේය. ඇෆ්ගන් ජනාධිපති කර්සායි ඉස්ලාමාබාද් නගරයට පැමිණීමේ අනෙක් අරමුණ වූයේ තාලෙබාන් නායකත්වය සමග සම්බන්ධතා ඇති කර ගැනීමට පාකිස්තානු රජයේ විශේෂයෙන්ම එහි හමුදාවේ සහාය ලබා ගැනීමය. ඔහුගේ එක ඉල්ලීමක් වූයේ තලෙබාන් නායක ඕමාර් ද ඇතුළත් වන ක්වේටා ෂුරා නමින් හැඳින්වෙන ගෝත‍්‍රික නායකත්වය හමුවීමට ඉඩ සැලසීමය. එවැනි ෂුරා සභාවක් නැති බව පවසන පාකිස්තානය, තලෙබාන් නායකයින් ඉගෙන ගත් ඉස්ලාමීය සෙමිනරියේ ප‍්‍රධාන පූජක මවුලානා සම්බුල් හමුවීමට අවස්ථාවක් ලබා දුන්නේය. එම හමුව තුළින් කර්සායිට තලෙබාන් නායකත්වයට පණිවිඩයක් යැවීමට අවස්ථාව සැලසෙන්නට ඇතැයි සැලකේ. ඊට අමතරව ඔහු ජමාට් ඊ ඉස්ලම් පක්ෂයේ නායකයින් සමග ද ඔහු සාකච්ඡා කළ බව වාර්තාවේ. කෙසේ වුවත් මෙම උත්සාහයයෙන් පෙනී යන්නේ ජනාධිපති කර්සායි තලෙබාන් නායකත්වය සමග සම්බන්ධතා ඇති කර ගැනීමට දැඩි උත්සාහයක් ගැනීමය. එහෙත් අනෙක් අතට තලෙබාන් නායකත්වය විදෙස් බලවතුන්ගේ රූකඩයක් ලෙස සලකන ජනාධිපති කර්සායි සමග කිසිම සාකච්ඡාවකට සූදානම් නැත. ඔවුන්ගේ තක්සේරුව අනුව ඇමරිකන් හමුදා ඉවත් කර ගැනීමෙන් පසුව කර්සායිට කිසිම පදනමක් ඉතිරි වන්නේ නැත. එම නිසා තලෙබාන් අවශ්‍යතාව වන්නේ යුද්ධයේ තීරණාත්මක බලය වන එක්සත් ජනපදය සමග ගනු දෙනු කිරීමය. එක්සත් ජනපදය තලෙබාන් සටන්කරුවන් හා සාකච්ඡා කිරීමට කොන්දේසි තුනක් ඉදිරිපත් කරයි. සාකච්ඡාවලට ඉදිරිපත් වන නායකයින් සටන් බිමෙන් ඉවත්ව සිටීම අල්කයිඩා සමග ඇති සම්බන්ධතාව අත් හැරීම හා ඇෆ්ගන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව පිළිගැනීමයි. ඒ කෙසේ වෙතත් ඇමරිකාවට පක්ෂපාත කටාර් රාජ්‍යයේ තලෙබාන් කාර්යාලයක් විවෘත කිරීම තුළින් පැහැදිලි වන්නේ එක්සත් ජනපදය ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීමට සූදානම්ය යන්නයි. එහිදී කොන්දේසි දැක්වීම අවශ්‍යතාවක් වුවත් සාකච්ඡා ආරම්භයට එය තීරණාත්මක සාධකයක් විය නොහැකිය. වඩාත් වැදගත් වන්නේ 2014 අවසන් වන විට තම හමුදා ඉවත් කර ගැනීමට සුදුසු යුදමය හා දේශපාලන වාතාවරණයක් ගොඩ නගා ගැනීමය. දශකයකටත් අධික කාලයක් ගතවී ඇති ඇෆ්ගන් යුද්ධයට සාකච්ඡා මාර්ගයෙන් හැර වෙනත් විසඳුමක් නැති බව පැහැදිලි වුවද එය තලෙබාන් සටන් කරුවන් සමග ඇති කර ගන්නා ගිවිසුමකට සීමා විය නොහැකි දීර්ඝ කාලයක් තිස්සේ සන්නද්ධ ගැටුම්වලට මැදිව සිටින ඇෆ්ගනිස්ථානයේ එකම බල කණ්ඩායම වන්නේ තලෙබාන් සටන්කරුවන් පමණක් නොවේ. 1996දී තලෙබාන් සටන්කරුවන් කාබුල් නගරයේ බලය තහවුරු කර ගත් නමුත් ඉන් සාමය උදාවූයේ නැත. ඇමරිකන් ආක‍්‍රමණයේදී ඊට සහාය දුන් උතුරු සන්ධානය කාබුල් නගරයේ තලෙබාන් පාලනයට අභියෝග කළ ප‍්‍රබල එකතුවකි. එක්සත් ජනපදයේ අනුග‍්‍රහය යටතේ පැවැති කර්සායි පාලනය යටතේ වුවද ප‍්‍රාදේශීය හා ජනවාර්ගික වෙනස්කම් විසඳීමට පියවර ගෙන තිබුණේ නැත. රටේ පැවැති නොසන්සුන් තත්ත්වය ඊට එක හේතුවක් පමණි. මූලික වශයෙන් හමීඩ කර්සායි සැබෑවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී විවෘත පාලනයකට එකඟ නොවන බව පසුගිය ජනාධිපති වරණයෙන් මෙන්ම පාර්ලිමේන්තු මැති වරණයෙන් ද තහවුරු විය. එවැනි වාතාවරණයක් යටතේ මූලික දේශපාලන වෙනසක් නැතිව සාකච්ඡා මාර්ගයෙන් ඇති කර ගන්නා ගිවිසුම මගින් ඇෆ්ගනිස්තානයට සාමය උදාවේයැයි කිව නොහැකිය.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුග්කොට ගනිමින් ඉරානයට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම කෙරෙහි සලකා බලන්නැයි චීනයත් රුසියාවත් ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර ඇත.
ඇමෙරිකාවේ පරිගණක ජාල ආශ්‍රිතව සිදුවන සියලු පරිපාලන කටයුතු කෘත්‍රිම බුද්ධියකට පවරා දීමෙන්, කඩිනමින් සහ සාර්ථකව ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවනු ඇති බවත්,
ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නායක අබු කදීජා හෙවත් අබ්දුල්ලා මක්කි මුස්ලිහ් අල්-රුෆායි ඝාතනය කිරීමට හැකිවුණු බව ඉරාක අගමැ
නැගෙනහිර යුක්රේනයේ කර්ස්ක් පළාතේ, රුසියන් හමුදා සමඟ සටන් වදින යුක්රේන සෙබළුන් යටත් වන්නේ නම්, ඔවුන්ට කිසිදු අනතුරක් නොකරන බව රුසියන් ජනාධිපති ව්ලැදි
පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ, හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
දකුණු අප්‍රිකා රජය සමඟ හටගත් අර්බුදය මුල්කොට ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාවේ දකුණු අප්‍රිකා තානාපතිවරයාට ඇමෙරිකාවට පැමිණීම ත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇමරිකාව ඇෆ්ගන් සටන අත් හරියිද?