එබෝලා වෛරසය වෙනුවෙන් නිපද වූ ඉසෙඩ්මැප් නමැති ඖෂධය දුන් ඇමෙරිකාවේ වෛද්‍යවරු දෙදෙනකු සුව වුව ද එය ලබාදුන් තුන්වැන්නා වන ස්පාඤ්ඤ පූජකයකු මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මේ ඖෂධය මෙතෙක් පරීක්ෂණ මට්ටමේ පවතී. එය මිනිස් සිරුරේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ නිශ්චිත වැටහීමක් නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එසේ වුව ද එය රෝගීන්ට ලබාදීම ආචාර ධර්මවලට පටහැනි නොවන බවයි. දැනට එබෝලා වෛරසය ශරීර ගතවී මියගිය සංඛ්‍යාව 1000ක් ඉක්මවා ඇති බැවින් ඇමෙරිකාව එම ඖෂධ තොගයක් ගුවනින් ලයිබීරියාවට යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ගේ කෝපවීමකින් සිදුවූවක්දැයි වෙලාවකට සිතෙනවා (නි)
අනේ කින්ග්ස්ලි සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නවා නම් ඔය අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙන් පළිගන්නේ නැතුව ඔය කෝටිපති හොරුන්ට දඬුවම් දෙන්නේ නැත්තේ මොකද? (නදී)
අනේ! මීට සාර්ථක විසඳුමක් ඉක්මණින් ලැබේවා! (නි)
එබෝලා වෛරසය සමාජයට එන්නත් පෙර ඇමෙරිකාව මේ ඖෂධය නිෂ්පාදනය කළා වෙන්න බැරිද? (නි)
ඔව් එහෙම යවන්නේ ලය්බීරියාවේ ඉන්නේ ඇමෙරිකානු ජාතියකයන් නොවන නිසා (දී)
අනේ කිංස්ලි, සර්වබලදරී දෙවියන් හොදටම කෝපවෙලා ඉන්නේ. ඔයාට පුලුවන්ද පොඩ්ඩක් කතාකරලා සන්සුන්කරලා දෙන්න .(අ)