ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා වන සටන් කාමීන් (අයිඑස්අයිඑස්) නිකුත් කළ ප්‍රචාරක වීඩියෝ පටයක දක්වා ඇත්තේ කිසිම ඇමෙරිකානුවකුට මිහිතලය මත ආරක්සාවක් නොමැති බවයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ 2001 සැප්තැම්බර් 11 දා ප්‍රහාරය වැනි ප්‍රහාරයක් නැවත ඇමෙරිකාවට එල්ලකිරීම සඳහා අවශ්‍ය සැළසුම් සකස්කරමින් සිටින බවයි.
මේ වීඩියෝව නම්කැර ඇත්තේ ‘‘අපි ඇමෙරිකාව ගිනි තබනවා “ යනුවෙනි. ඇමරිකාවට එරට භූමිය තුල සිට අයිඑස්අයිඑස් සටන් කාමින් ප්‍රහාර එල්ල කරණ බවත් ඇමරිකානුවන්ගේ ආරක්ෂාව මිරිඟුවක් වන බවත් වීඩියෝ පටය මගින් ඔවුන් ප්‍රචාරය කරයි.
මිනිත්තු 11 ක් ධාවනය වන අයිඑස් සටන් කාමින්ගේ මෙම නවතම වීඩියෝව මගින් ඇමරිකානු මාධ්‍යවේදී ජෙම්ස් ෆොලේ ඇතුළු තවත් කීපදෙනෙකුගේ හිස ගසා දැමීම සහ ජෝර්දානු ගුවන් නියමු මුඩා අල් කසස්බේ පන පිටින් පුලුස්සා දැමීමද ප්‍රදර්ශනය කැර ඇත.
කැඩුනු ඉංග්‍රීසියෙන් එහි සඳහන් කර ඇත්තේ ඇමරිකානුවන් අතර නැවතත් ඉතාමත් ඉක්කමනින් භයංකර බව පතුරුවන බවයි. ඇමරිකාව තම රට ආරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමට බිලියන ගණන් මුදල් වැය කළත් එය නිෂ්පල තත්වයක් බවට පත් කරණ බව මෙම විඩියෝව කියයි.
තමන් දැන් පෙරට වඩා ශක්තිමත් වී ඇති බවත් පෙරට වඩා සම්පත් අනූන බවත් පෙන්වා දී තිබේ. ඒ අනුව ඔවුන්ට ඇමරිකා එක්සත් ජනපදය නැවතත් පුලුස්සා දැමීමට හැකියාව පවතින බව ද මෙම වීඩියෝව මගින් ප්‍රකාශ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දෝ කරන්න කලින් කියන විදිහේ කට්ටිය නෙමේ . බින්ලාඩන් ගේ මිනියත් හරියටම තහවුරු කර ගත්තට පස්සේ තමා ලෝකයට පෙන්නුවේ. නමුත් ගොඩක් අපි වගේ කට්ටිය කරන්න කලින් කියන්න ගිහින් තමා වරද්දා ගන්නේ. (බ)
ඇමෙරිකාව හා බටහිර රටවල් නැතිදාට ලෝකයම විනාශවෙනවා (නි)
මෙයාලා අවුරුදු ගානක ඉඳලා කියවනවා විතරයි. (නි)
ඇමෙරිකාවට තියන බලය ඉරාකෙට හරි ඇෆ්ගනිස්ථානෙට හරි තිබුනා නම් අද ලෝකේ මොනවගේ තැනක් වෙඉ ද ? (අ)
කිසිම මුස්ලිම් රටක් හෝ සංවිධානයක් මෙම ක්‍රියාවලට විරුද්ධ වෙන පාටක් නැහැනේ? (නි)
ප්‍රචණ්ඩත්වය හොඳ නැති වුණත් කොයි රටෙත් අන්තිමට විඳවන්නේ සාමාන්‍ය ජනතාව බව සැබෑ වුණත් අනිත් රටවලට ගිනිදෙන්න ත්‍රස්තවාදයට කිරිපොවන රටකට වෙන මොනවද ඉතින් බලාපොරොත්තු වෙන්න පුළුවන්? දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ මේවට තමයි. දැන් ඉතින් යමක් වුණා නොවුණා අඩුම තරමේ බයෙන් සැකෙන්වත් ඉන්න වෙනවනේ.. (නි)
මේකනේ නාමල්, ත්‍රස්තවාදය ගැන අපේ කිසි පැහැදීමක් නැතත් ඉතින් ඔයා ඔහොම කිව්වට 9/11 වෙන්න ඉස්සෙලත් ඇමරිකාව හිතාගෙන හිටියේ ඒගොල්ලන්ට උඩින් කපුටෙකුටවත් යන්න බැරිය කියලයි. එත් අන්තිමට මොකද වුණේ? ඒක වුණේ ඔය ලොකු ආරක්ෂක විධි විධාන වල දුර්වලකම නිසා නෙවෙයිද? හැරත් මේ සංවිධානයට කොච්චර ආයුෂ තියෙනවද කියලා ඔයා හරියටම කියන්නේ කොහොමද කියලා මටනම් හිතා ගන්න බැහැ, (බ)
ලලිත්, මුස්ලිම් රටවලට ඇමරිකාවෙන් සිදුවෙන කරදර ගැන හිතුවහම මේවාට මොකට විරුද්ධ වෙනවද කියලා එයාලට හිතෙනවා ඇති. (නි)
සදාම් හුසේනුත් ඔය වගේ කතා කීව.අන්තිමට මිනිහ බලු කුක්කෙක් වගේ මර බයේ අගුලක හැංගිලා හිටිය. (ස)
සර්පයන් විසින් ස්වාමියා සපා කෑමක් ද ? (ස)
මේ නම් ඇත්තටම පිස්සු හැදුණු කල්ලියක්. ලලිත්, මොවුන්ට අන්තිම ගුවන් ප්‍රහාරය එල්ල කළේ සෞදිය නේද ? (නි)
වරෙල්ලකෝ බලන්න , ඉරෙන්නේ දෙන්නේ ඔකලාට (අ)
මුස්ලිම් අන්තවාදය බටහිරට එරෙහිව තිබීම නිසා ඇමෙරිකාව යම් මට්ටමකට පාලනය වෙලා තියෙනවා වගේම මුස්ලිම් අන්තවාදය පාලනයට බටහිර රටවල් තිබිය යුතු වෙනවා නැත්නම් ඔය දෙගොල්ලම අනතුරුදායක කට්ටිය (බ)
2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු මෙවැනි වීඩියෝ විශාල ප්‍රමාණයක් ඉස්ලාමීය සංවිධාන නිකුත්කළා. නමුත් එකකටවත් ඇමරිකාවේ කිසිදු විශාල ප්‍රමානයේ සාර්ථක ප්‍රහාරයක් දියත් කරන්න බැරිවුණා.ඇමරිකාවට ගිය කෙනෙක් දන්නවා ඒ රටේ තියෙන ආරක්ෂක විධිවිධාන වල තරම...අනෙක මේ සංවිධානයට වැඩි ආයුෂ නැහැ (නි)
කළ කළ දේ පළ පළ දේ... (නි)
අන්තවාදය මුළු ලොවටම තර්ජනයක්. අද මැද පෙරදිග යන කාන්තාවන් නොයෙකුත් වද හිංසා වලට සහ ලිංගික අතවරවලට මුහුණ පාන්නෙත් එම අන්තවාදයේම පාදඩ අංගයක් වශයෙන්.(නදී)
ඔය නෙලාගන්නේ වපුරපු බිජ වල අස්වැන්නනේ. දැන් කොහොමද දන්නේ නැහැ මානව හිමිකම්. සුළු ජාති / ආගම් වල අයිතිවාසිකම් ගැන දරන අදහස් දැන ගන්නත් ආසයි. (නදී)
ඔය නෙළාගන්නේ වපුරපු බිජ වල අස්වැන්නනේ.දැන් කොහොමද දන්නේ නැහැ මානව හිමිකම්. (නි)