පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේ පිහිටි පාකිස්තාන හමුදා මුරපොළ දෙකකට ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පෙරේදා (26) එල්ල කළ මිසයිල ප‍්‍රහාර දෙකකින් පාකිස්තාන හමුදා සෙබළු 26 දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර ඇයිහොඳයිකම් යළිත් වරක් පළුඳු විය.
එම ඇමෙරිකා හමුදා ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාව හරහා ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල නියැලී සිටින ඇමෙරිකා සහ නේටෝ හමුදාවලට භාණ්ඩ සපයන සැපැයුම් මාර්ග වසා දැමීමටද පාකිස්තාන රජය තීරණය කළේය.
ඊට අමතරව පාකිස්තානයට අයත් බලූකිස්තාන ප‍්‍රදේශයේ ඇමෙරිකා හමුදාවට අයත් ෂම්සි ගුවන් කඳවුර වහාම ඉවත් කර ගන්නා ලෙසත් ඒ සඳහා ඇමෙරිකා රජයට දින 15 ක් දෙන බවත් පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි නිවේදනය කර ඇත.
ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නියැලෙන විදෙස් හමුදා සෙබළුන්ට අවශ්‍ය බඩුබාහිරාදිය පාකිස්තානයේ කරච්චි නුවර සිට සැපැයීම සිදු කරන්නේ ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ ටෝක්හම් සහ චාමාන් යන මාර්ග හරහාය.
වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ පවතින ඇෆ්ගන් යුද්ධයේදී ඇමෙරිකාවට පාකිස්තානයේ සහාය අවශ්‍යය. එහෙත් පාකිස්තාන රජයට නොදන්වා පාකිස්තානයේ ඇබොට්ටාබාද් නමැති නගරයේ සැඟවී සිටි අල් කයිඩා නායකයා ඝාතනය කිරීමට ඇමෙරිකාව පියවර ගැනීමත් සමඟ දෙරටේ ඇයිහොඳයිකම් පළුඳු විය. බිඳ වැටුණු එම සබඳතා තවමත් ශක්තිමත් වී නැති අතර පෙරේදා සිදුවීමත් සමඟ තත්ත්වය තවත් බැ?රුම් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ බිය පළ කරති.
මේ අතර ඇමෙරිකාව විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා ඇත්තේ පෙරේදා සිදුවූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත් පාකිස්තාන රජය සමඟ සාකච්ඡාකර දෙරට අතර සබඳකම් යළිත් වරක් ශක්තිමත් කර ගැනීමට උත්සාහ ගන්නා බවත්ය.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
ඇමෙරිකාව බොහොම වැරදි විදියට ක්‍රියා කරනවා
ඔන්න බලන්න
ඉවක් බවක් නැති මෙවැනි ප්‍රහාර හෙළා දැකිය යුතුයි