පාකිස්තානයේ පෙෂවෝර් නුවර ඇමෙරිකානු කොන්සල් කාර්යාලයට අයත් මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් ඊයේ (3) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර සිවු දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.
මියගියෝ ඇමෙරිකන් කොන්සල් නිලධාරීහු දෙදෙනෙකි. ප‍්‍රහාරයෙන් තවත් ඇමෙරිකන් ජාතික කොන්සල් නිලධාරීන් දෙදෙනකු සහ කොන්සල් කාර්යාලයේ සේවය කරන පාකිස්තාන ජාතිකයෝ දෙදෙනෙක් තුවාල ලැබූහ.
වෙනත් රියකින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු කොන්සල් රියේ හැපී බෝම්බය පුපුරුවා ගෙන ඇතැයි ආරක්ෂක අංශ පවසයි. ප‍්‍රහාරයෙන් කොන්සල් කාර්යාල මෝටර් රථය මුළුමනින්ම විනාශ විය. බෝම්බකරුගේ සිරුර හඳුනා ගැනීමට නොහැකි ලෙස පිළිස්සී ඇතැයි ද වාර්තා වේ.
පෙෂවෝර් නුවර තම කොන්සල් කාර්යාල නිලධාරීන් ඉලක්ක කර ගෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාර ගෙන නැත. කෙසේ නමුත් පාකිස්තානය සහ ඇමෙරිකාව පවසන්නේ එය තලේබාන් සටන්කාමීන්ගේ සැහැසි කි‍්‍රයාවක් බවය.
ප‍්‍රහාරය ගැන පුළුල් පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති අතර පාකිස්තානයේ රැඳී සිටින සෙසු ඇමෙරිකානු කොන්සල් නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව ද පාකිස්තාන රජය පවසා ඇත.
කොන්සල් රියට බෝම්බ ප‍්‍රහාරය එල්ල වීමට පැයකට පෙර, පෙෂවෝර් නුවර එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය අසල ද බෝම්බයක් පුපුරා ගියේය.
එම බෝම්බ ප‍්‍රහාරයට සිවිල් වැසියෝ දෙදෙනෙක් බිලිවූහ. තවත් සිවිල් වැසියෝ තිදෙනෙක් තුවාල ලැබූහ.තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළ බව ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළේය.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
පාකිස්ථාන් -සින්දාබාද් (ස)
කෝ මේ නවනීදන් පිල්ලෙ නෝනා, නිදිද? (ස)
තල වැපිරූ විට ලැබෙන්නේ තලයි. (නි)
නියමයි.අනෙක් රටවලිනුත් මේ අය පන්නා දැමිය යුතුයි. (නි)
මේවට තමයි බූමරංග කියන්නේ. (නි)