ජයරත්න වික්‍රමාරච්චි
වසර දෙකක පමණ කාලයක් පැවති නියඟය හමාර කරමින් ඉකුත් මැයි මාසයේ දී ඇද හැළුණු ධාරානිපාත වැසි වලින් පිරුණු කරුවලගස්වැව ජයන්ති වැව ජලාශය යටතේ මෙවර යල කන්නයේ වී වගාව මේ වනවිට නියඟයට ගොදුරු වී ඇතැයි ගොවීහු පවසති.
ජයන්තිවැව ජලාශය යටතේ මෙවර තමන් වගාකර ඇත්තේ ‘‘රත්තැල්‘‘නමැති දේශීය වී ප්‍රභේදයක් බව ද ගොවීහු කියති. අක්කර 40ක පමණ වපසරියක සිදු කළ වී වගාව පිදෙන අවස්ථාවේ ජලාශයේ ජලය අවසන්වීම නිසා මෙසේ විනාශ වෙමින් පවතින බවද ඔවුහු පවසති.
එම ගොවීන් පෙන්වා දෙන අන්දමට වර්ෂාව හැරුණු විට ජයන්තිවැව ජලාශයට ස්ථීර වාරි ජල සම්පාදන ක්‍රමයක් නොමැත. නමුත් ඉකුත් මැයි මාසයෙන් පසුව ප්‍රදේශයේ පවතින්නේ දැඩි නියං තත්වයකි.
මේ හේතුව නිසා ඊට බොහෝ දුරකින් පිහිටි ඉගිනිමිටිය ජලාශයෙන් හෝ ජල මුරයක් ලබාදීමට වගකිව යුත්තන් පියවර ගනු ඇතැයි ගොවීහු බලාපොරොත්තුවෙන් සිටියද පලක් නොවූ බැවින් ඇතැම් ගොවීහු ජයන්තිවැව ජලාශයේ හා එම කෙත් යාය ආසන්නයේ තම පෞද්ගලික වියදමින් විශාල වළවල් කපා එමගින් වගාවට ජලය පොම්ප කිරීමට ද පියවර ගෙන තිබෙන අයුරු එහි ගිය අපට දැකගත හැකි විය.
මෙම ගැටලුව පිළිබදව ජයන්තිවැව ගොවි සංවිධානයේ සභාපති ඉන්දික සෙනරත් මහතා මෙසේ පැවසීය.
‘‘ පීදෙන ගොයම් මැරෙනව බලාගෙන ඉන්න බැරි කමට සමහරු තමන්ගේ වියදමින් ළිං කපල කුඹුරුවලට වතුර ගහන්න පටන් ගත්තත් අවශ්‍ය තරමට ඒ ළිංවල වතුර උනන්නේ නෑ.ඒ නිසා ඒ වැඩෙත් සාර්ථක නෑ.අපි ඉගිණිමියෙන් වතුර බලාපොරොත්තු වුණත් ඒ ජනතාවටත් ප්‍රශ්න ඇතිනේ. ඒ නිසා දැන් ඉතිං හුග දෙනෙක් දැන් වගාව අත් හැරලයි තියෙන්නේ. දැන් වෙල්යායට අලිත් එනවා.අපි වගා හානි තොරතුරු ලබාගෙන තියෙන්නෙ. එහෙමවත් සහනයක් ලැබුණොත් ලොකු දෙයක්.
කරුවලගස්වැව පෙදෙසේ නියගයට ගොදුරු වී ඇති කුඹුරුවලට ඉගිනිමිටිය ජලාශයෙන් ජලය ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඉගිණිමිටිය වාරිමාර්ග ඉංජිනේරු චමින්ද කුමාර මහතාගේ අපි විමසීමක් කළෙමු.
ඒ මහතා කියා සිටියේ ඉකුත් මැයි මාසයේදී ඇති වූ වර්ෂාවට ප්‍රදේශයේ ජලාශ රැසක් පිරී ඉතිරී ගියද මී ඔයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයට ප්‍රමාණවත් තරමට වර්ෂාව නොළැබීම හේතුවෙන් ඉගිණිමිටිය ජලාශයට ද ප්‍රමාණවත් තරමට ජලය එක්රැස් වී නැති බවයි. එම නිසා මෙම යල කන්නයේදි ඉගිණිමිටිය ව්‍යාපාරයේ වගා කටයුතු සිදු කෙරුණේ ද සීමිත ඉඩම් ප්‍රමාණයක බව ඒ මහතා කීය.
මේ හේතුව නිසා ඉගිණිමිටිය ව්‍යපාරයේ වෙල් ජලය ද කරුවලගස්වැව පෙදෙසට ගලායාමට තරම් ප්‍රමාණවත් නොවූ බවත් කෙසේ වෙතත් ඉගිනිමිටිය ජලාශයෙන් ජලය නිකුත් කිරීම සිදුවන්නේ ඊට අදාළ ව්‍යාපාර කමිටුවේ දී ගන්නා තීන්දු තීරණ මත බවත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇඟිලි ගැනලා වපුරපු ගොයමත් විනාශයි