IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ආරක්ෂක, ආර්ථික අවදානම මැද ප්‍රංශ ජනාධිපතිවරණය අද

දශක ගණනකට පසු වඩාත්ම තරගාකාරී සහ අවිනිශ්චිතම ජනාධිපතිවරණයට ප්‍රංශය ඉරිදා (23) වැනිදා මුහුණ දෙයි. ඉකුත් දා ජිහාද්වාදියකු එල්ල කරන ලද ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු මරණයට පත්වීමෙන් පසු දැඩි ආරක්ෂාවක් යටතේ මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙයි.

ප්‍රංශයේ පැරිස් නුවර ලෝ ප්‍රකට චෑම්ප්ස් එලිසීස්හිදි එම ප්‍රහාරය එල්ල වූ අතර ලොවටම තර්ජනයක් වී තිබෙන ඉස්ලාමික් ස්ටේට් සංවිධානය ප්‍රහාරය වගකීම බාරගත්තයේ. මෙම ප්‍රහාරය එල්ල වූයේ මාස නවයක නිහඬතාවකින් පසුය. ප්‍රංශයට අවසන් වරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ ඉකුත් අගෝස්තු මාසයේදීය.

පිහියක් අතැතිව තර්ජනය කළ පුද්ගලයකුද සෙනසුරාදා දිනයේදී පැරිස් නුවරදී පොලිස් අත්අඩංගුවට පත්විය.  රටේ කොටස් මතවාදීව බෙදී සිටින සහ යුරෝපය සංගමය තුළ තවදුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය තිබෙන අවස්ථාවක ප්‍රංශයේ ජනාධිපතිවරණය පැවැත්වෙයි.  මෙම ජනාධිපතිවරණයේ ප්‍රංශයේ අනාගතය තීරණය කිරීම සඳහා ඉතාමත් තීරණාත්මකය.

මොන අපේක්ෂකයාට ඡන්දය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් ඡන්ද දායකයන්ගෙන් හතරෙන් එකක් සෙනසුරාදා දිනය වනවිටත් නිශ්චිතව තීරණය කර නැතැයි සමීක්ෂණ වාර්තා සඳහන් කළ අතර ප්‍රංශ වැසියන් දැන් වඩාත් සැලකිල්ලක් දක්වන්නේ ත්‍රස්තවාදයට වඩා රැකියා සහ ආර්ථිකය සම්බන්ධයෙන් යැයි එම සමීක්ෂණ වාර්තා සඳහන් කළේය.

කෙසේ නමුත් ඉකුත් දා සිදු වූ වෙඩි තැබීම නිසා ඡන්ද දායකයන්ගේ මත වෙනස් වීමේ හැකියාවක් තිබෙන බව විශ්ලේෂකයෝ පෙන්වාදුන්හ. මැතිවරණ කටයුතුවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 50,000ක් ද සොල්දාදුවන් 7,000කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කර තිබිණි. වසර 2015 මේ දක්වා කාලයේදී ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් 230කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. මේ අතර ඉකුත් දා සිදු වූ වෙඩි තැබීම ජනාධිපතිවරණයට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි ට්විටර්  පණිවිඩයක් යොමු කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබිණි.

ප්‍රංශයට අයත් මාටිනික්‍යු සහ කැරිබියන් දූපත්වල පිහිටි ගුවඩලූප් හි සෙනසුරාදා දිනයේදී ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද විමසීම් පැවැත්වුණු අතර ඇමෙරිකාවේ සිටින ප්‍රංශ වැසියෝ ද සෙනසුරාදා දිනයේදී ඡන්දය ප්‍රකාශ කළහ.

මෙවර ජනාධිපතිවරණයට අපෙක්ෂයෝ 11 දෙනෙක් ඉදිරිපත් වී සිටිති.
 
ඒ.එෆ්.පී ඇසුරිනි -055



අදහස් (0)

ආරක්ෂක, ආර්ථික අවදානම මැද ප්‍රංශ ජනාධිපතිවරණය අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 86 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 925 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2541 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site