IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ආබාධිත මන්ත්‍රීවරුන්ගේ පහසුවට ජපාන පාර්ලිමේන්තුවේ වෙනස්කම් කිහිපයක්

ආබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පහසුව සලකා බලමින් ජපාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අලුත්වැඩියා කටයුතු කිහිපයක් කිරීමට ජපානය පියවර ගෙන තිබේ.

රෝද පුටුවලින් පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රවේශ වීම පහසුව සඳහා ඉඩ සලසමින් තාවකාලික පල්ලමක්/බෑවුමක් (රැම්ප්) සැකසීමට ද ජපාන බලධාරීන් පියවර ගෙන ඇත.

ජූලි 21 වැනිදා පැවැති මහ මැතිවරණයේදී ආබාධ සහිත එම ප්‍රජාව නියෝජනය කරන සුළු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. ජපානයේ සිටින ආබාධ සහිත පුද්ගලයන් බොහෝ නිශ්ශබ්ද සහ සැඟවුණු ජීවිතයක් ගත කළ අතර යසුහිකෝ ෆුනාගෝ සහ අයිකෝ කිමුරා යන අය එම ආකල්පය වෙනස් කිරීමට සමත්ව ඇත.

“අපි අපට කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒක නිසා එහි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ” යැයි ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රකාශක කොජි ඔනෝ පැවැසීය. පාර්ලිමේන්තුවේ කෙරෙන අලුත්වැඩියා හා වෙනස්කම්වලට යෙන් 700,000 (ඇමෙරිකානු ඩොලර් 6,500ක්) කට ආසන්න මුදලක් වැය වන බව ද ඔහු සඳහන් කළේය.

අයිකෝ කිමුරා මෂ්තිෂ්ක ආඝාත රෝගයෙන් පෙළෙන අතර ෆුනාගෝට කතා කළ නොහැක. ෆුනාගෝ සන්නිවේදනය කරන්නේ පරිගණකයක් හෝ පරිවර්තකයකුගේ සහාය ඇතිවය. හෙතෙම ඒ.එල්.එස් නමැති රෝගී තත්ත්වයෙන් පීඩා විඳී. ඒ රෝගී තත්ත්වයට ගොදුරු වන්නන්ගේ මාංශපේශී කාලයත් සමඟ පාලනයෙන් තොර වී යයි.

මේ අනුව පසුගිය සති අන්තයේදී පාර්ලිමේන්තු සභාවේ පසුපෙළ ආසන ඉවත් කිරීමටත් පරිගණක සහ වෛද්‍ය උපකරණ සඳහා පහසුකම් සැපයීමටත් බලධාරීහු පියවර ගත්හ. ඊට අමතරව ආසන අතර තිබෙන අඟල් හයක පඩියක් ද ඉවත් කර ඇත. ප්‍රධාන ප්‍රවේශ දොරටුවේ තාවකාලික බෑවුමක් සැකසීමට ද සේවකයෝ කටයුතු කළහ.

“මගේ හැඟීම් කියන්න වචන නැහැ” යැයි පරිවර්තකයකු මාර්ගයෙන් ෆුනාගෝ පැවැසීය.

පළමු වරට රෝද පුටුවක් භාවිත කරන අයකු ජපාන පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 1977 වසරේදීය. එම අවධියේදී ආබාධිත සහිත පුද්ගලයන් සඳහා වැසිකිළි නොවූ අතර ඔහු ඔසවාගෙන යෑමට සේවකයන්ට සිදුවිය.

රොයිටර් ඇසුරිනි 

055

 



අදහස් (1)

ආබාධිත මන්ත්‍රීවරුන්ගේ පහසුවට ජපාන පාර්ලිමේන්තුවේ වෙනස්කම් කිහිපයක්

අප්පුහාමි Tuesday, 30 July 2019 01:58 AM

ලංකාවේ තරම් පිරිසක් නැතිව ඇති. සිටියා නම් ඒරට මෙතරම් දියුණුවක් ගන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site