වසර 10500 කට පෙර සිටි දඩයක්කරුවෙකුට අයත් යැයි සැළකෙන පාසටහන් දෙකක් සොයාගැනීමට ඇමරිකාවේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ පුරාවිදයාඥයන් පිරිසක් සමත්ව ඇත.
මෙම පාසටහන් යුගළය උතුරු ඇමරිකාවෙන් මෙතෙක් හමුවී ඇති ආදිතම පාසටහන් යුගළය බව සදහන්ය.
1961 වසරේදී මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක් ඉදිකරමින් සිටියදී හමුව ඇති මෙම පාසටහන් යුගළය එය සටහන්ව තිබූ පස් කොටස් සමගම ඉවත් කර මේ දක්වා තැන්පත් කර තිබී ඇත්තේ ප‍්‍රදේශයේ වූ කෞතුකාගාරයකය.
එය තමන් භාරයට ගෙන ඇති ඩර්හැම් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් පර්යේෂණ කටයුතු වලින් පසුව එය වසර 10500 කට පමණ පෙර කාලයකදී පස මත සටහන් වූවක් බව සොයාගෙන ඇත.
එම සමයේ ප‍්‍රදේශයේ ජීවත්වී ඇත්තේ රතු ඉන්දියානු සම්භවයක් ඇති දඩයක්කරුවන් බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී ඇති අතර මෙම පාසටහනත් එවන් දඩයක්කරුවෙකුට අයත් වන්නට ඇතැයි පර්යේෂණ කටයුතු මෙහෙයවූ විද්‍යාඥ පිරිස සැක කරයි.
මෙතෙක් ලොව හමුවී ඇති පැරණිම පාසටහන් යුගළය ලෙස සැළකෙන්නේ චිලීයෙන් හමුවූවකි . එය වසර 13000 ක් පමණ පැරණි බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිස්වාන් ඩුබායි, පටලවා ගන්න එපා. මම කතා කරන්නේ පාරක් හදන කොට අවුරුදු 10500 පැරණි මතුපිටක තියෙන පිය සටහන් ගැන. නැතුව කළුගල් වගේ දෙයකින් හදල ඇස් දෙකට පේන්න තියෙන දෙයක් ගැන නෙවේ. අනිත් එක එච්චර කාලයක් මතුපිට පොලොව කොච්චර දුවිලි තට්ටු වලින් වැහෙන්න ඕනෙද? කුරුගල නම් ඇස දෙකටම පේන්න තියෙනවා නේද??? (ස)
ඔතන වැඩ කල හාදයෙක්ගෙ වෙන්න ඇති. කොහොමත් එය වසර 50කට වඩා පැරණියි. (ස)
රිස්වාන්ට මොකක් හරි හිතේ අමාරුවක්. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. (නදී)
මල් රේණුත් වසර දහස් ගණනක් පාෂාණිභූත වෙනවා කියලා මම අහලා තිබෙනවා (නි)
රිස්වාන්, කුරගල ගැන අපි බලා ගන්නම්. ඔයා සෞදිය ගැන බලාගන්න. (නදී)
ඒකේ තියෙන්නේ පිය සටහන පාෂණීභූත වෙලා කියලානේ. ඒ කියන්නේ පස් ඉවත් කරනකොට මතුවූ ගලක් විදියට නේද දැන් තියෙන්නේ? (නි)
රිස්වාන්, කුරගල විතරක් නෙමෙයි මුලු ලංකාව පුරාම නටඹුන් තියෙනවා. ඔයා කලබල වෙන්න එපා.
සුළං තදින් හමන්නේ නැද්ද ඔය කියන රටේ? (නි)
රිස්වාන්, ඔබ ගැන මට කණාගටුයි (නි)
ඉන්දික, මේ වගේ දෙයක් ලංකාවෙන් හොයා ගත්තොත් ඇත්ත වෙන්න පුළුවන් නේද? මම කියන්නේ කූරගල පැත්තෙන්. (ස)