IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අසල්වැසි ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වයිරස ආසාදිතයන් 52,000ක්

ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (30) වාර්තා වූ අතර එම ගණන 52,000 ඉක්මවා ගියේය.

අසල්වැසි ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 52,123 දෙනකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව එරටින් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගේ සමස්ත ගණන 15,83,792ක් දක්වා ඉහළ ගොස් ඇත.  

නව කොරෝනා වයිරසය හේතුවෙන් තෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට පත්ව ඇත්තේ ද ඉන්දියාවයි.
ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන 5,28,242ක් වන අතර සුවය ලැබූ ගණන 10,20,582කි. ඉන්දියාවෙන් අද වනවිට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 34,968කි

නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වී තිබූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 4,00,651කි. තමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 2,34,114කි. දිල්ලියෙන් ආසාදිතයන් 1,33,310 දෙනකු ද ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 1,20,390 දෙනකු ද මේ වනවිට හඳුනාගෙන ඇත.

මේ අතර ඉන්දියාවේ අසල්වැසි පාකිස්තානයෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 2,76,288ක් වන අතර බංග්ලාදේශයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 2,32,194කි.

එන්.ඩී.ටීවී. 

055

 



අදහස් (0)

අසල්වැසි ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වයිරස ආසාදිතයන් 52,000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 378 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site