IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අල් කයිඩා සටන්කාමීන්ගෙන් ඇමෙරිකාවට තර්ජන:

අල් කයිඩා සටන්කාමීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති හෙයින් ලබන 12 වැනිදා තෙක් උතුරු අපි‍්‍රකා සහ මැද පෙරදිග කලාපයේත්, ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශයේත් පිහිටුවා ඇති තම තානාපති සහ කොන්සල් වසා දැමීමට ඇමෙරිකා රජය ඊයේ (5) තීරණය කළේය.

ඇමෙරිකාව මෙම තීරණය ගත්තේ අල් කයිඩා නායක අයිමන් අල් සවාරි මීට දින කිහිපයකට පෙර කළ අනතුරු ඇඟවීමෙන් පසුවය. ඔසාමා බින් ලාඩන් ඝාතනයට ලක් වීමෙන් පසු අල් කයිඩා ත‍්‍රස්ත සංවිධානයේ නායකත්වයට පත් වූ සවාරි, හඬ පටයක් නිකුත් කරමින් කියා සිටියේ මැදපෙරදිග සහ අපි‍්‍රකාවේ ඇමෙරිකන් තානාපති කාර්යාල මෙන්ම ඒවායේ නිලධාරීන් ද ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කරන බවය.

සවාරි කළ අනතුරු ඇඟවීම සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් විසින් ද තහවුරු කරනු ලැබ ඇත.

ඇමෙරිකා රජය වෙනුවෙන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකා ඩෙන් සාකී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ කියා සිටියේ, අල් කයිඩා ත‍්‍රස්තවාදීන්ගෙන් එල්ල වන තර්ජන හේතුවෙන් තවත් රටවල් කිහිපයක තානාපති සහ කොන්සල් කාර්යාල ද වසා දැමීමට තීරණය කළ බවත් එම කාර්යාලවල නිලධාරීන්ට විශේෂ ආරක්ෂාවක් ද ලබා දීමට කටයුතු කළ බවත්ය.

එම මාධ්‍ය හමුවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ආරක්ෂක ලේකම් චක් හේගල් මෙන්ම හමුදා ජනරාල් මාටින් ඩැම්ප්සි ද එක් වී සිටියහ.
අල් කයිඩාවෙන් ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බව අනාවරණය කළේ ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශයයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවැසූ අන්දමට ඊජිප්තුවේ, ජෝර්දානයේ, ලිබියාවේ, සෞදි අරාබියේ මෙන්ම කුවේට් රාජ්‍යය ද ඇතුළු රටවල් කිහිපයක තානාපති කාර්යාල පමණක් දිගටම විවෘතව පවතී.

සී.අයි.ඒ. බුද්ධි අංශය කළ එම අනතුරු ඇඟවීම සැලකිල්ලට ගනිමින් ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය ද ඔවුන්ගේ තානාපති කාර්යාල වසා දැමීමට කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර පෙරේදා සෝමාලියාවේ මොගඩිෂු නුවර ස්ථාන කිහිපයක බෝම්බ පුපුරුවා හැරීමට ද, වෙඩි තැබීමට ද සෝමාලියාවේ කි‍්‍රයාත්මක අල් ෂෙබාබ් සටන්කාමීහු පියවර ගත්හ. එම බෝම්බ ප‍්‍රහාරවලින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඇෆ්ගනිස්තානයේ ඉන්දීය කොන්සල් කාර්යාලයට ද පෙරේදා ප‍්‍රහාරයක් එල්ල විය. එයින් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන්දීය රජය සහ ආරක්ෂක අංශ කියා සිටියේ එම ප‍්‍රහාරයෙන් තම කොන්සල් කාර්යාල නිලධාරීන්ට කිසිදු අනතුරක් සිදු නොවුණු බවය.



අදහස් (0)

අල් කයිඩා සටන්කාමීන්ගෙන් ඇමෙරිකාවට තර්ජන:

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 18 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site