IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


අල් කයිඩාව මට්ටු කරන්න ඇමෙරිකන් හමුදා යේමනයට

යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන අල් කයිඩා සටන්කාමීන් මර්දනය කිරීමට ඇමෙරිකා රජය ඊයේ (14) විශේෂ හමුදා බළඇණියක් එරටට පිටත් කර හැරියේය. යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නෝ ‘උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීහුය. ඔවුහු ප‍්‍රධාන අල් කයිඩා සංවිධානයේ අනු ශාඛාව සාමාජිකයෝය. යේමන අල් කයිඩාවට එරෙහි යේමන රජය සටන් ආරම්භ කළේ ජනපති අලී අබ්දුල්ලා සාලේ ජනපති ධුරයේ සිටිද්දීය. එහෙත් ජනතා විරෝධය හමුවේ සාලේට ධුරයෙන් ඉවත් වීමට සිදුවිය. වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ, සාලේ ජනපතිව සිටිද්දී ඔහු අල් කයිඩාව සමඟ සටන් කිරීමට ඇමෙරිකාවේ සහාය පැතුවේය. ඊට යහපත් ප‍්‍රතිචාර දක්වමින් ඇමෙරිකා හමුදා සෙබළුන් පිරිසක් සහ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් යේමනයට යැවීමට පෙන්ටගනය (ඇමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුව* පියවර ගත්තේය. එදා සිට අද තෙක්ම ඇමෙරිකන් හමුදා යේමන හමුදා සමඟ එක් වී නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පහර දෙයි. ගොඩබිම සටන් සඳහා ඇමෙරිකන් සෙබළුන් යේමනයට පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙයයි. ඇමෙරිකන් හමුදා ගෙන්වා ගැනීමට යේමන නව රජය ද කැමැත්ත පළ කර තිබේ. ඊට හේතු වී ඇත්තේ මේ වනවිට දකුණුදිග යේමනයේ නගර කීපයක් අල් කයිඩා සටන්කාමීන්ගේ ග‍්‍රහණයට නතු වී තිබීමයි. යේමන රජයට පමණක් නොව අල් කයිඩා සටන්කාමීන් ඇමෙරිකා රජයට ද තර්ජනයක් වී ඇත. ඇමෙරිකාව බලා පියාසර කරන මගී ගුවන් යානා තුනක් පුපුරුවා හැරීමට ද සටන්කාමීන් මේ වනවිට උත්සාහ කර ඇත. අවසන් වරට ඇමෙරිකන් මගී යානයක් පුපුරුවා හැරීමට යේමන අල් කයිඩාව උත්සාහ කළේ පසුගිය සතියේය. එම සිද්ධියට සම්බන්ධ අල් කයිඩා සාමාජිකයා ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ පරීක්ෂකයකු ලෙස ද වෙස් වළාගෙන වසර කීපයක් තිස්සේ කටයුතු කළ අයකු බව අනාවරණය විය. ඊට පෙර 2010 වසරේදීත් 2011 වසරේදී ඇමෙරිකාව බලා යමින් තිබූ ඇමෙරිකන් මගී ගුවන් යානයක් සහ භාණ්ඩ ප‍්‍රවාහන යානයක් පුපුරුවා හැරීමට ගත් උත්සාහය ද අසාර්ථක විය. යේමන අල් කයිඩාවේ ප‍්‍රබලත්වය දිනෙන් දින වර්ධනය වන බව ඇමෙරිකා ආරක්ෂක අංශවල අදහස වී ඇත.



අදහස් (0)

අල් කයිඩාව මට්ටු කරන්න ඇමෙරිකන් හමුදා යේමනයට

මොහොමඩ් Tuesday, 15 May 2012 06:10 PM

ඉරාකය,ඇෆ්ගනිස්තානය,පාකිස්තනය වලට කරන අපරාද දැන් යේමනයටත් දෙන්නද හදන්නෙ...

:       0       0

සුභාෂිණි Tuesday, 15 May 2012 07:06 PM

අපේ ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ වීර ක්‍රියා වලින් පාඩමක් ඉගෙන ගන්න බැරිද?

:       0       0

අලිබබා Tuesday, 15 May 2012 07:13 PM

අනෙක් රටවල ත්‍රස්ත ක්‍රියා මැඩලීමට මෙම පුද්ගලයාට තියෙන්නේ පුදුම උවමනාවක්. එහෙත් ඉන්නවනේ රැකියා විරහිත තරුණයන්. ඒ අයටත් මොනවාහරි රස්සාවලුත් දෙන්න එපායැ.

:       0       0

ප්‍රසන්ත ධම්මික Tuesday, 15 May 2012 10:47 PM

ඇමරිකාවට කාල මදිවෙලා වගේ තව කන්න යන්නේ. පවු ඇමරිකන් හමුදාභටයන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 146 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site