IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


අලසකමින් මරණ වැඩිවෙලා

දුම්බීමත් වැඩි කාලයක් වාඩිවී සිටීමත් එක සේ සෞඛ්‍යයට අහිතකර බව පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත. මෙමගින් දියවැඩියාව වැළඳීමට ඇති අවධානම දෙගුණ වන බවත් හෘදයාබාද වැළඳීමේ සම්භාවිතාව වැඩිකරන බවත් තහවුරු වී ඇත.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අලස ජීවන පැවැත්ම ලොව වැඩි මරණ සංඛ්‍යාවකට හේතුවන බවයි. ලොව මරණ සැළකූවිට එය හතරවැනි ස්ථානයේ පසුවෙයි.

බ්‍රිතාන්‍යයේ ලෙයිසෙස්ටර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය එමා විල්මට්ගේ ප්‍රධානත්වයෙන් මේ පර්යේෂණය සිදුකැර ඇත. ඔවුන් පවසන්නේ ලෝකය පුරා මිනිසුන් ලක්ෂ අටක් සම්බන්ධයෙන් වූ අධ්‍යයනයන් 18ක්  විශ්ලේෂණය කරමින් මේ පර්යේෂණය සිදුකළ බවයි. වාඩිවී කරන රැකියා හේතුවෙන් මිනිසුන් අන්තරකාරි බවට පත්වේයැයි එමගින් තහවුරු කරගෙන ඇත.

ආචාර්ය එමා විල්මට් මෙසේ පවසයි.

‘‘අප දීර්ඝ කාලයක් ඉඳගෙන සිටින විට අපගේ මාංශපේෂිවල එන්සයිම වෙනස් වීමෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා. මේ බලපෑම ඉක්මණින් ඇතිවන දෙයක්. කෙසේ වෙතත් නිතිපතා කරන ව්‍යායාම මගින් සම්පූර්ණයෙන් මේ තත්ත්වයනේ ආරක්ෂාවීමට හැකියාවක් නැහැ. “

බ්‍රිතාන්‍යෙය් වැඩිහිටියන් සියයට 50ක් හෝ 70ක් පමණ පිරිසක් වැඩි කාලයක් ගත කරන්නේ මේසයක් ඉදිරියේ සිට පරිගණකය භාවිතා කරමින් හෝ රූපවාහිනිය නරඹමින්. නැතිනම් කාරයේ රෝදය මත වැඩි කාලයක් ගත කරති.

ආචාර්ය විල්මට් සහ ඔහුගේ කණඩායම සොයාගෙන ඇත්තේ දියවැඩියා අවධානම සහ හෘද රෝග අවධානම තරමක් ඉඳගෙන සිටින අයට වඩා වැඩි කාලයක් ඉඳගෙන සිටින අයගේ දෙගුණයක් බවයි. මෙම කණ්ඩායම හෙළි කරන තවත් කරුණක් නම් විශේෂයෙන් ම කාන්තාවන්ගේ වකුගඩු රෝග සඳහා ඇති අවධානම වාඩිවී සිටීමෙන් ඉහළ යන බවයි. තව ද මස්පිඩු වේදනා සහ පිටකොන්දේ වේදනා ඇතිවන බව ද අනාවරණය වී තිබේ.

 



අදහස් (0)

අලසකමින් මරණ වැඩිවෙලා

සරත්චන්ද්‍ර Thursday, 15 May 2014 10:14 AM

ඒක ඇත්ත.(නදී)

:       0       0

අරෝෂ් Thursday, 15 May 2014 01:33 PM

අපේ දොස්තර කෙනෙක් ළඟට කවුරුහරි ගිහින් මේ වගේ ලෙඩක් තියෙනවා කියලා කිව්වොත්, පැයකටත් අඩු කාලයකින් ඒක ඔහු සුවකරාවි. අපේ අය ඒතරම් දක්ෂයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 162 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site