අල්ලස් ගැනිමේ චෝදනා යටතේ රුසියා ආර්ථික සංවර්ධන ඇමති ඇලෙකි යුලායියුකෙව් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රාජ්‍ය සමාගමක කොටස් පෞද්ගලික ආයතනයකට විකිණීමේ ගණුදෙනුවකදී ඩොලර් මිලියන දෙකක් ලබා ගෙන ඇතැයි ඔහුට විරුද්ධව ඇති චෝදනාවයි.

රුසියා ජනපති වැල්ඩැමීර් පුටීන්ගේ පාලන කාලය තුළ අත්අඩංගුවට ගත් ප්‍රථම කැබිනට් ඇමතිවරයා ඔහු බවත් අත්අඩංගුවට ගැනීමට පූටින් අවසර ලබා දී ඇති බවත් එරට මාධ්‍ය පවසයි.

ඇමතිවරයා චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඔහුගේ නීතිඥවරයා පැවසුයේ මෙම ක්‍රියාව රාජ්‍ය නිලධාරියකුට එරෙහි ප්‍රකෝපකාරී ක්‍රියාවක් බවයි.ඔහුගේ අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමති යෙව්ගන්සි යෙලින් වැඩබලන ආර්ථික සංවර්ධන ඇමති ලෙස පත් කළ බව වාර්තා වෙයි.

ඇමතිවරයා නිවාස අඩස්සියේ තබා ගැනීමට විමර්ශණ නිලධාරීහු අධිකරණයෙන් අවසර ඉල්ලූහ.