IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අරාබි ලීගයේ සාම සැලැස්ම සිරියා ජනපති ප‍්‍රතික්ෂේප කරයි

අරාබි ලීගය ඉදිරිපත් කළ සාම සැලැස්ම තමන් ප‍්‍රතික්ෂේප කරන බවත් සන්නද්ධ පිරිස්වලට දිගින් දිගටම පහර දෙන බවත් ධුරයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් පවසයි. අරාබි ලීගය සිරියා ජනාධිපතිවරයාට එම සාම සැලැස්ම ඉදිරිපත් කර ඉල්ලා සිටියේ රටේ පවතින ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වහා නවත්වන ලෙසටය. එම සාම සැලැස්ම පිළිගන්නැයි අරාබි ලීගය, සිරියා ජනාධිපති අසාද්ට පසුගිය 19 වැනිදා තෙක් කල් දී තිබුණි. එහෙත් ජනපති අසාද් හෝ සිරියානු රජය හෝ එය පිළිගත්තේ නැත. එම දිනයේම සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටි පාලක පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ලකට ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල විය. ඉකුත් මාර්තු මාසයේ සිරියාවේ නගර කීපයකින් ආරම්භ වූ එම ප‍්‍රචණ්ඩකි‍්‍රයා, ඩමැස්කස් අගනුවරට පැතිර ගිය පළමු අවස්ථාව වන්නේ මෙයයි. ජනාධිපති අසාද්ට එරෙහිව විරෝධතා ඇරැඹුණේ ද ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ විරෝධතා ඇරැඹි අවස්ථාවේදීය. සාම සැලැස්ම හමුවේ අරාබි ලීගය ජනාධිපති අසාද්ට කොන්දේසි කිහිපයක් පනවා තිබුණි. එම කොන්දේසිවලින් ඉතා වැදගත් කොන්දේසිය වන්නේ සිරියාවේ නගරවලින් හමුදාව ඉවත් කර ගැනීමය. අරාබි ලීගය අවධාරණය කරන්නේ උද්ඝෝෂකයන්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය යොදා ගැනීමෙන් වළකින ලෙසටය. එහෙත් ජනාධිපති අසාද් අරාබි ලීගයේ එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරයි. අරාබි ලීගය පවසන්නේ සිරියාවට දැඩි ලෙස සම්බාධක පැනවීමට කටයුතු කළ යුතු බවය. සිරියාවේ අර්බුදය විසඳීමට තමාට දැඩි අභිලාෂයක් ඇති නමුත් සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ විදේශවලින් ආධාර ලබන සන්නද්ධ පිරිස් යැයි ජනාධිපති අසාද් අවධාරණය කරයි. කෙසේ නමුත් ලිබියා අර්බුදයේ දී කළාක් මෙන් ඇමෙරිකාව හෝ වෙනත් බටහිර රටක් හෝ සිරියාවේ කැරැුලිකාර පාර්ශ්වයට එළිපිට ආධාර කරන බව පවසා නැත. සිරියාවේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සිරියාවට පමණක් සීමා වී නැත. සිරියාව ඇති කරගෙන තිබෙන ආරක්ෂක ගිවිසුම් හේතුකොට ගෙන රුසියාව සහ චීනයද සිරියාවට පක්ෂව කටයුතු කරයි. ලිබියාවට කළාක් මෙන් සිරියාවට එරෙහිව ද යෝජනාවලියක් ගෙන ඒමට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා උත්සාහ කළ අවස්ථාවේදී රුසියාව සහ චීනය ඊට එරෙහි වූයේය. ඒ අනුව සිරියාවේ අර්බුදය සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්ටමින් බෙදීමක් පෙන්නුම් කරන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එම උත්සාහය අසාර්ථක වීමත් සමඟ ඇමෙරිකාව ප‍්‍රමුඛ පටහිර රටවල මීළඟ සැලැස්ම වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හරහා සිරියාවට එරෙහි යෝජනාවලියක් ගෙන ඒමටය. මානව හිමිකම් කමිටුවේ සාමාජික රටවලට නිෂේධ බලය භාවිතා කළ නොහැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට සිරියාවේ ගැටුම්වලින් 3,500 ක් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. එහෙත් සිරියා රජය පවසන්නේ ගැටුම්වලින් මියගොස් ඇත්තේ සිවිල් වැසියන් 619 ක් බවය. මීට අමතරව සන්නද්ධ පිරිස් එල්ල කළ ප‍්‍රහාරවලින් පොලිසියේ සහ හමුදාවේ අටසියයකට වැඩි පිරිසක් ද ජීවිතක්ෂයට පත්වී ඇති බව සිරියා රජය වැඩිදුරටත් කියා සිටියි. මේ අතර බටහිරින් සිරියාවට ප‍්‍රහාරයක් එල්ල වුවහොත් සිරියාවට ආරක්ෂාව දීමට රුසියාව ඔවුන්ගේ යුද නැව් ද සිරියාව අසල මුහුදට යවා ඇති බව වාර්තා වේ. අරාබි ලෝකයේ වඩාත් ශක්තිමත්ම හමුදාව ඇත්තේ සිරියාවටය. ඇමෙරිකාව සහ නේටෝව එක්වී ලිබියාවට මෙන් සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කළහොත් තමන් මුලින්ම පහර දෙන්නේ අසල්වැසි ඊශ‍්‍රායලයට යැයි සිරියා ජනාධිපති අසාද් අනතුරු අඟවයි. ඊශ‍්‍රායලයට ෂෙල් වෙඩි වරුසාවක් එල්ල කරන බව ද අසාද් වැඩිදුරටත් කියා සිටියි. සිරියාව පවසන්නේ ඇමෙරිකාවට ගැති ඊශ‍්‍රායලය රූකඩයක් බවය. න්‍යෂ්ටික අවි තනනවා යැයි චෝදනා කරමින් ඉරානයට පහර දෙන්න උත්සහ ගන්නේ ද ඊශ‍්‍රායලයයි. කෙසේ හෝ ඇමෙරිකාව සහ නේටෝව එක්වී සිරියාවට පහර දුනහොත් ඉරානය ද සිරියාවට සහාය පළ කරනු ඇත.



අදහස් (0)

අරාබි ලීගයේ සාම සැලැස්ම සිරියා ජනපති ප‍්‍රතික්ෂේප කරයි

කූඹියා Monday, 28 November 2011 02:43 PM

මේ ලිපිය ගැන අවංකවම සතුටුයි. බටහිර අනකිරීම් බිද දමා පෙරදිග ශක්තිමත් වීමට කාලය මේකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site