පසුගිය සෙනසුරාදා ටියුනීසියාවේ හොටෙල් රියු ඉම්පීරියල් මාර්හබා හෝටලය අසළ වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 38 දෙනෙකු මරණයට පත්වීමේ සිදුවීම පසුපස සිටින්නේ අයිඑස් සංවිධානය බව මේ වන විට අනාවරණය වී තිබේ.
මුලදී තුවක්කුකරුවන් තිදෙනෙකු පමණ වෙඩි තැබීමට හවුල්ව ඇතැයි පැවසුවත් ටියුනීසියා ආරක්ෂක අංශ නිකුත් කර තිබෙන නවතම මාධ්‍ය වාර්තා වලට අනුව වෙඩි තැබීම සිදුකර ඇත්තේ එක් පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා තම සාමාජිකයෙකු යැයි තහවුරු කෙරෙන තොරතුරු නිදහස් කිරීමට අයි එස් සංවිධානය ප‍්‍රහාරයෙන් අනතුරුව කටයුතු කළ අතර මෙම පුද්ගලයා අයි එස් සාමාජිකයෙකු බව ඔහුගේ පවුලේ අය පවා දැනගත්තේ එවිට බව ටියුනීසියා මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන අන්දමට උමතුවෙන් මෙන් වෙරළ තීරයේ සිටි සංචාරකයින් අතරට කඩා වැදුණු තුවක්කුකරු ඉවක් බවක් නැතිව වෙඩි තැබීමට පටන්ගෙන තිබේ. අනතුරුව ඔහු හෝටලයේ පිළිගැනීමේ අංශය වෙත ගොස් එහි සිටි සංචාරකයින්ටද වෙඩි තබා ඇති අතර අවසානයේ හෝටලයේ රථගාල බලා යෑමට කළ උත්සාහයේදී ආරක්ෂක අංශ වල වෙඩි පහරට ලක්ව මරණයට පත්ව ඇත.
වෙඩි තැබීමෙන් තුවාළ ලැබූ 39 දෙනෙකු මේ වන විටත් සිටින්නේ රෝහල් ගත කර බව පවසයි. ඔවුන් අතරින් බහුතරය නිවාඩුව ගතකිරීමට ටියුනීසියාවට පැමිණ සිටි විදේශිකයින් වේ.
මෙම සිදුවීමෙන් පසුව ටියුනීසියාවේ සිටි විදේශිකයින් සියගණනින් එරටින් පිටවීමට පටන්ගෙන ඇත.
ටියුනීසියාවේ සහයට ඉදිරිපත් වීමට ජර්මනිය ඇතුලූ බටහිර රටවල් රැසක්ම ඉදිරිපත් වි ඇත. කලාපයේ පුරා ඔඩුදුවා තිබෙන ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමිය හැකි ක‍්‍රමවේදයක් ඉක්මණින්ම සකස් කිරීම ඔවුන්ගේ අභිලාෂයයි.
![image[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/image11.jpg)
![images[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/images11.jpg)
![Tunisia[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/Tunisia1.jpg)
![v2-Touristsevactuated[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/v2-Touristsevactuated1.jpg)
COMMENTS
මන් නම් කියන්නේ ඔහාට ගිය සංචාරකයන්ට ඔහොම වෙලා මදි. මොකෝ දෙයියනේ ප්‍රවෘත්ති එහෙම මුන් බලන්නේ නැල්ලුද. ලෝක සිතියමේ ඔය හරිය හැම රටකම මේ දවස් වල ගිනි කෙලි. අන්තවාදියෝ මිනි මරන්නේ කජු කනවා වගේ. එ්ත් මුන් යනවා සවාරි ගහන්ට. (බ)
සුකිරි ඔයා ලැජ්ජා වෙන්න ඕනා මේ වගේ නරුම කතාවක් කියපු එකට. ලෝකය තියෙන්නේ මිනිසුන්ට ඇවිදලා බලන්නයි. එහෙම නැතුව පිස්සු බල්ලලෝ වගේ මිණි මරන්න නෙමෙයි. ඒ වගේම මිනීමරුවන්ට ඉඩ ඇරලා හිටියොත් උන්ටම මේවා අයිති වෙයි ඒකාලේ ලංකාවෙත් මෙහෙම මැරුවා. ඒත් සංචාරකයෝ ආවා අපි හරි උණුසුමෙන් ඒ අය පිළිගත්තා ඒ තරම් අමාරු කාලෙත් අපේ රටට ආපු එක ගැන සතුටට (නදී)
මේ මිනි මරුවා දියා රක්ෂණය අරගෙනද දන්නේ නැහැ ආවේ! (බ)