IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘අබ්දුල්ලා යමීන්‘ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ප්‍රමාද කරනවා

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ජනාධිපති අබ්දුල්ලා යමීන් ඉහළ පෙළේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ප්‍රමාද කරමින් සිටින්නේ යැයි විපක්ෂය අද චෝදනා කළේය. 

මාලදිවයිනේ ජානාධිපතිවරණය ඉරිදා (23) පැවැති අතර එරට ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා වූ ඊබ්‍රහීම් මොහ්මෙද් සෝලි ඉන් ජය ලැබීය. සඳුඳා (24) වනවිට මැතිවරණ ප්‍රතිඵල නිකුත්ව තිබූ අතර ඊබ්‍රහිම් සෝලි ජයග්‍රහණය කළ බව තහවුරු වූ වීමත් සමඟ එරට අධිකරණයක් දේශපාලන සිරකරුවන් කිහිපදෙනකු නිදහස් කළ බව ද වාර්තා විය.

එමෙන්ම අත්අඩංගුවේ පසුවන හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම්ගේ අභියාචනාව ද සලකා බලා ඇතැයි වාර්තා විය. මවුමූන් අබ්දුල් ගයුම් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ අර්ධ සොහොයුරෙක් ද වන්නේය. 

ජනාධිපතිවරණය ජය ගැනීමෙන් අනතුරුව සෝලි, අබ්දුල්ලා යමීන් අමතා තිබූ අතර ඒ අවස්ථාවේදී මෙන්ම ඔහු තම ජයග්‍රහණය නිවේදනය කළ අවස්ථාවේදී ද දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි අබ්දුල්ලා යමීන්ට අවධාරණය කළේය. 

“සඳුඳා ජනාධිපති ගයුම් නිදහස් කරනු ඇතැයි අපි අපේක්ෂා කළා. අධිකරණය කැඳෙව්වා. පරිපාලන කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත්තා. ගයුම් නිදහස් කිරීම අඟහරුවාදට දැම්මා. එහෙත් අද වනතෙක් කිසිවක් සිදු වුණේ නැහැ” හිටපු ජනාධිපති ගයුම්ගේ පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවැසීය. 

(055) 
කොළඹදීය (ඒ.එෆ්.පී)



අදහස් (0)

‘අබ්දුල්ලා යමීන්‘ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ප්‍රමාද කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site