ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ කාම අපචාර සඳහා දෙන දඩුවම ප්‍රසිද්ධියේ කස පහර දීමයි. මෙය වරද කරුවන් වන පිරිමි මෙන්ම ගැහැණුන්ටද එකසේ ලබාදෙයි. 

මෙම දඬුවම ලබාදෙන්නේ ඉස්ලාම් ෂරියා නීතියට අනුකුලවය. ලෝකයේ වැඩිම ඉස්ලාම් භක්තිකයින් ජිවත්වන රටක් වන ඉන්දුනීසියාවේ ෂරියා නිතිය ක්‍රියාත්මක කෙරෙන්නේ අචේ ප්‍රාන්තයේ පමණි.

අචේ ප්‍රාන්තයේ අගනුවර වන බන්ඩා අචේ නගරයේ ප්‍රසිද්ධියේ කෝටුමස් කිරීමේ නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කෙරෙයි.  පසුගියදා  වැරදි කාම සේවනයෙහි යෙදුනු බවට වැරදිකරුවන්වූ ගැහැනුන් සහ පිරිමින් 17 දෙනෙකුට බඩා අචේ නුවර ප්‍රධාන පල්ලිය අභියසදී දඬුවම්ලබාදුන්  ආකාරය විදහා දැක්වූ  ඡායාරූප විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්කර තිබුණි. 

ඒ අතර ප්‍රසිද්ධියේ "අනිසි අයුරින් එක්තැන්ව සිටියායැයි" වැරදිකරුවන්වූ අවුරුදු 18 සිට 24 දක්වා වයසේ වූ විශ්ව විද්‍යාල තරුණ තරුණියන් හතරදෙනකුද වූ බව වාර්තාවිය. කසපහර කෑ 40 හැවිරිදි කාන්තාවක් සිහිසුන්ව අදවටුන බවත් ඇය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට සිදුවුබවත් එම වාර්තාවල දැක්විණි.

කෝටුමස් කිරීමේදී වරදට අනුකුලව පහරවල් ගණන නියමකෙරේ. වධකයා පිරිමියෙකි. ඔහු විසින් පහරදීම සඳහා කෙතරම් දුරක් අත ගෙනගිය යුතුද යන්නත් කෙතරම් වේගයකින් වේවැල් පහර ලබාදිය යුතුද යන්නත් නඩුතින්දුවේ දී තීරණය කෙරේ. පහරදීමට යොදාගන්නේ විවිධ ප්‍රමාණයේ ශක්තිමත් පදම්කල වේවැල්ය. 

කාම අපරාධ වලට අමතරව මත්පැන් පානය සහ දූකෙළියද ප්‍රසිද්ධියේ කසපහර ලබාදීමට හැකිවන අපරාධ වෙයි.

ඉන්දුනීසියාවේ රජය අචේ ප්‍රාන්තයට 2001 දී ස්වයං පාලනයක් ලබාදෙනු ලැබුවේ එම පළාතේ  දීර්ඝ කාලයක් පැවති බෙදුම්වාදී අරගලය මැඩපැවැත්වී මේ බලාපොරොත්තුවෙනි. අචේ ප්‍රාන්තයේ 1976 සිට 2005 දක්වා වෙනම රාජ්‍යයක් ඉල්ලා දරුණු කැරැල්ලක් ක්‍රියාත්මක විය.

ස්වයං පාලනය ලබාගත් පසු එම  බලධාරීන් විසින් ෂරියා නිතිය හඳුවන්වා දෙනු ලැබිය. 

කාම අපචාර, සමලිංගික ඇසුර, කාමයෙහි වරදවා හැසිරීම, ජෝඩු ලෙස එළිමහනේ හැසිරීම, සවස් වුවාට පසු පිරිමි ඥාතියෙකු නොමැතිව කාන්තාවන් මහමඟ ගමන්කිරීම මෙන්ම අවිවාහක ගැහැණු හෝ පිරිමි දෙදෙනෙකු එකවර බයිසිකලයක නැඟයාම වැනිදේ කෝටුමස් කිරීමේ දඬුවම ලබාදිය හැකි වරදවල් වෙයි.

ඉන්දුනීසියාවේ ජනගහනයෙන් සියයට 90 පමණ ඉස්ලාම් භක්තිකයෝ වෙති. මේ සියල්ලක්ම වාගේ ආගම ධර්මයට ඉමහත් ගෞරවයක් දක්වන  මධ්‍යස්ත මත දරන්නෝය. මේ බොහෝදෙනා මෙවන් දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීම හෙලා දකින අතර මෙවන් දරුණු නීති ක්‍රියාත්මක කිරීම නිසා අපචාර අඩුවන බවට පැහැදිලි සාක්කි ලැබී නැති බවද පෙන්වා දෙති.

ස්වයං පාලනයක් ලබාගත් අචේ ප්‍රාන්තයේ මෙවැනි නීතියක් ක්‍රියාත්මක වුවද ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රාන්තය වැනි වෙනත් බොහෝ ප්‍රදේශවල මේ අන්දමේ තදබල නීති කිසිවක් ක්‍රියාත්මක නොවන බවද සඳහන්විය.

ACHE1 ACHE3 ACHE-4 ACHE5 ACHE-7 ACHE-8 ACHE-10