IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අනාගත ප්‍රවාහනය වීදුරු නළයෙන්?

විද්‍යා ප්‍රබන්ධ සිහිගන්වන තාලයේ විසල් වීදුරු නළයක එක් කෙළවරකින් ඇතුළුව රටේ එහා කොණේ පිහිටා ඇති අනෙක් කෙළවරෙන් පිටතට පැමිණිය හැකි අපූරු ප්‍රවාහන ක්‍රමයක පර්යේෂණ කටයුතු වල මේ දිනවල ඇමරිකා ව්‍යවසායකයෙකු ඇතුළු විද්‍යාඥයෝ හා ඉංජිනේරුවරු පිරිසක් නියැළී සිටිති.

හයිපර්ලුප් ලෙස නම්කර ඇති මෙහි නගර දෙකක් හෝ ප්‍රදේශ දෙකක් යාකර ඉදිකර ඇති වීදුරු නළයකට බහාලන කැප්සියුලයන් එක් කොණක සිට අනෙක් කොණට තල්ලූ කර හැරීම සිදුවේ.මේ කැප්සියුලයන් වල සිටිනු ඇත්තේ මගීන් බව අමුතුවෙන් කිවයුතු නැත.

මේ තල්ලූ කර හැරීම සිදුවෙන්නේ කැප්සියුලයේ හා වීදුරු නළයේ සවිකර ඇති චුම්භක ආධාරයෙන්ය.කැප්සියුලය වීදුරු නළයේ ගමන් කරද්දී උපදින වායු ප්‍රතිරෝධය වැළැක්වීමට නළය චූෂකයන් ආධාරයෙන් යම් තාක් දුරකට වායුරෝධනය කෙරෙන බව සඳහන්ය.

මෙසේ යම්තාක් දුරකට වායු රෝධනය කිරීම ගැන පැහැදිලි කිරීමක් කරන පර්යේෂකයෝ පවසන්නේ වීදුරු නළයේ ඇති කැප්සියුලය නළයේ බිත්ති වල නොගැටී පාවෙන අයුරින් පවත්වා ගැනීමට නළයේ ඇති වාතයෙන් කොටසක් මෙට්ටයක් සේ භාවිතා වන බවයි.

පැයට සැතපුම් 760 ක පමණ වේගයක් අත්කරගත හැකිවනු ඇති බව පැවසෙන මෙයින් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සිට අනෙක් කොනේ පිහිටි සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර දක්වා ගමන් කිරීමට ගතවනු ඇත්තේ පැය භාගයක් වැනි කාලයක් බව පැවසේ.

මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සදහා ඩොලර් බිලියන 4 ක් පමණ වැයවේයැයි ගණන් බලා ඇත.එයින් කොටසක් අරමුදලක් පිහිටුවා එකතු කර ගැනීම නිර්මාපකයින්ගේ අපේක්ෂාවයි.

24264D6F00000578-2879730-image-a-1_1418938968877 24264D7500000578-2879730-image-a-3_1418939075903 24264D7900000578-2879730-image-a-9_1418939181684 24266B3F00000578-2879730-image-a-11_1418940350728 article-2390672-1B441FD2000005DC-530_634x286 article-2390672-1B442EBA000005DC-739_634x354 article-2390672-1B442131000005DC-63_634x286 article-2390672-1B454396000005DC-626_634x344 article-2390672-1B454565000005DC-547_634x357



අදහස් (0)

අනාගත ප්‍රවාහනය වීදුරු නළයෙන්?

කුමාර Sunday, 21 December 2014 05:15 PM

මට මගේ 40% දෙනවා නම් මේක හෙට උනත් පටන් ගන්න පුළුවන් (නදී)

:       0       0

සෑම් Tuesday, 23 December 2014 04:57 PM

මේක ලංකාවේ කරනවා නම් කොච්චර වියදමක් යයිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

නිලන්ත Tuesday, 23 December 2014 05:24 AM

මේක ලංකාවට දාමුද? (ස)

:       0       0

ලලිත් Tuesday, 23 December 2014 09:04 PM

අධිවේග මාර්ග වලට ගත්තු නය ගෙවල ඉවරවෙලා තිබුනොත් මේ වර්ගයේ ප්‍රවාහන ක්‍රමයක් ගැන අපට හිතන්න පුළුවන් අනාගතයේ. (නදී)

:       0       0

ශ්‍රී ලාල් Tuesday, 23 December 2014 10:26 PM

පස්චාත් මැතිවරණ කටයුතු වලට මේක අවශ්‍ය වෙයි. (නදී)

:       0       0

මනෝජ් Wednesday, 24 December 2014 03:22 AM

ලංකාවට අවොත් හොඳයි (නදී)

:       0       0

ඉසුරි Sunday, 21 December 2014 03:07 PM

මේක ලංකාවට අවොත් ගස්වැල් ටික ඉතුරු වෙයි.(හේ)

:       0       0

මුදිත Sunday, 21 December 2014 03:56 PM

අන්න හොද ක්‍රමයක්.ඒත් ලංකාවට ඔය තාක්ෂණය එන්න තව අවුරුදු 200වත් යයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 8 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1996 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site