ලෝකයේ වැඩිම ඉහළකදී බිහිවූ දරුවාට උපත ලබා දීමට උජුන්වා ඉනෙච් ඔසේ නමැති නයිජීරියානු කාන්තාවක් සමත්වූවාය. ඇය දරුවා බිහිකළේ නයිජීරියාවේ සිට ලන්ඩන් නගරය දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී ය. උපත ලබා ඇත්තේ පිරිමි දරුවෙකි. ඔහුට මයිකල් යැයි නම් තබා ඇත. ඇය දරුවා බිහිකළේ තම 31 වැනි උපන්දිනයේ දී වී ම ද විශේෂත්වයකි.
මේ දරු උපත හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගමට අයත් යානය හදිසියේ ම ස්පාඤ්ඤයේ බෙලාරික් දූපතට ගොඩබස්වා තිබේ. ඇය දරුවා ප්‍රසූතකරන විට දරුගැබට සති 26කි. අඩු වයසින් උපත ලැබීම හේතුවෙන් දරුවා එම දූපතේ පිහිටි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔසේ දැන් දෙදරු මවකි. ඇය මේ ගුවන් යානයේ ගමන්කැර ඇත්තේ වසරක් වයසැති තම වැඩිමල් දියණිය වන නිඩින්මා සමග ලන්ඩන් නගරයට ගොස් එතැනින් ඇමෙරිකාවේ වොෂින්ටන් බලා යන ගුවන් යානයකට ගොඩවීමේ අපේක්සාවෙනි. ඔවුන් දෙදෙනාගේ අපේක්ෂාව වී ඇත්තේ ඇමෙරිකාවේ නිවාඩුවක් ගත කිරීමයි. හදිසියේ ම යානයේ දී දරුවා බිහිවීම හේතුවෙන් යානයේ ගමන විනාඩි තිහකින් පමණ ප්‍රමාද වී ඇත.
ඔසේ පවසන්නේ සිය බිළිඳා රැගෙන යාමට සුදුසු තත්ත්වයට පත්වන තුරු තමන් හා දියණිය දූපතේ රැඳී සිටින බවයි.
1981 බ්‍රිතාන්‍යෙය් සම්මතකැර ඇති එරට පුරවැසිභාවය පිළිබඳ පනතට අනුව බ්‍රිතාන්‍ය නෞකාවක හෝ ගුවන් යානයක උපත ලබන දරුවකුට බ්‍රිතාන්‍යෙය් පුරවැසි බව හිමිවේ. මේ අනුව මයිකල් උපතලබා ඇත්තේ බ්‍රිතාන්‍ය පුරවැසියකු ලෙසිනි.
දරු උපත සිදුව ඇත්තේ මෙවැනි ඉතා කුඩා නිදන කටියක දී ය.
දරුවා නතරකැර ඇති රෝහල
2025 නොවැම්බර් මස 21
188
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1144
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අඩි 36,000ක් ඉහළ දී දරු උපතක්
සහන ඉන්ද්‍රජිත් Monday, 05 May 2014 09:52 PM
ගොඩක් වසනාවන්ත ළමයෙක්. (ස)
තුවාන් Monday, 05 May 2014 10:17 PM
හරිම වාසනාවන්ත දරුවෙක් වීසා ගන්න ඕනේ නැහැ එංගලන්තෙට යන්න. අපේ අම්මලාට බැහැනේ මෙහෙම දෙයක් කරගන්න. (ස)
ඩී. Tuesday, 06 May 2014 10:37 AM
මාස 7ක ළමයෙක් ස්වභාවිකව ප්‍රසුත කරන්න ටිකක් අමාරුයි. මෙතන මොකක්හරි වැරැද්දක් තිබෙන පාටයි (නි)
මර්වින් Tuesday, 06 May 2014 12:51 PM
තුවන්, ඔයා දන්නේ නැති වුණාට තව කොහේ හෝ ඉන්න පුළුවන්. (ස)
ඉස්මිල් Monday, 05 May 2014 04:26 PM
යන්න කලින් පරික්ෂා කරල නැද්ද?? (ස)
නිල්මිණි Tuesday, 06 May 2014 12:05 PM
මාස 7 හමු උන ළමුන් ඕනේ තරම් ඉන්නවා, (දී)
හදුන්නෙත්ති Monday, 05 May 2014 03:40 PM
ඇත්තටම වාසනාවන්ත ළමයෙක්. මොකද උප්පැන්නේ උපන් ස්ථානය වෙන්නේ උඩු ගුවන. එහෙම අය ලෝකෙටම දෙතුන් දෙනෙකුට වඩා නැතුව ඇති. ඇත්තටම වාසනා වන්ත ළමයෙක්. (ස)
ජයසේන Monday, 05 May 2014 04:11 PM
තව කොපමණ මෙහෙම දේවල් වෙලා ඇද්ද? (නි)
නිලූකා Wednesday, 07 May 2014 11:50 AM
මොනව වුණත් දරුවට දෙවියන්ගේම පිහිටයි. (ස)
නිකුකා Wednesday, 07 May 2014 11:52 AM
මයිකල් ඔබට දෙවියන්ගේම පිහිට ලැබේවා (දී)
සරනතිස්ස වෑබොඩ Saturday, 03 May 2014 08:14 PM
මේ දරු උපත නම් ඇත්ත, අපි සුබ පතමු. සමහරවිට ඇයගේ බලාපොරොත්තුව දරු ප්‍රසූතිය ඇමරිකාවේදී සිදුවීම වෙන්න ඇති.(නදී)
ජෝර්ජි Sunday, 04 May 2014 11:40 PM
අපේ සුබපැතුම් ....දේව පිහිටයි (දී)