ලෝකයේ වැඩිම ඉහළකදී බිහිවූ දරුවාට උපත ලබා දීමට උජුන්වා ඉනෙච් ඔසේ නමැති නයිජීරියානු කාන්තාවක් සමත්වූවාය. ඇය දරුවා බිහිකළේ නයිජීරියාවේ සිට ලන්ඩන් නගරය දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී ය. උපත ලබා ඇත්තේ පිරිමි දරුවෙකි. ඔහුට මයිකල් යැයි නම් තබා ඇත. ඇය දරුවා බිහිකළේ තම 31 වැනි උපන්දිනයේ දී වී ම ද විශේෂත්වයකි.
මේ දරු උපත හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගමට අයත් යානය හදිසියේ ම ස්පාඤ්ඤයේ බෙලාරික් දූපතට ගොඩබස්වා තිබේ. ඇය දරුවා ප්‍රසූතකරන විට දරුගැබට සති 26කි. අඩු වයසින් උපත ලැබීම හේතුවෙන් දරුවා එම දූපතේ පිහිටි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔසේ දැන් දෙදරු මවකි. ඇය මේ ගුවන් යානයේ ගමන්කැර ඇත්තේ වසරක් වයසැති තම වැඩිමල් දියණිය වන නිඩින්මා සමග ලන්ඩන් නගරයට ගොස් එතැනින් ඇමෙරිකාවේ වොෂින්ටන් බලා යන ගුවන් යානයකට ගොඩවීමේ අපේක්සාවෙනි. ඔවුන් දෙදෙනාගේ අපේක්ෂාව වී ඇත්තේ ඇමෙරිකාවේ නිවාඩුවක් ගත කිරීමයි. හදිසියේ ම යානයේ දී දරුවා බිහිවීම හේතුවෙන් යානයේ ගමන විනාඩි තිහකින් පමණ ප්‍රමාද වී ඇත.
ඔසේ පවසන්නේ සිය බිළිඳා රැගෙන යාමට සුදුසු තත්ත්වයට පත්වන තුරු තමන් හා දියණිය දූපතේ රැඳී සිටින බවයි.
1981 බ්‍රිතාන්‍යෙය් සම්මතකැර ඇති එරට පුරවැසිභාවය පිළිබඳ පනතට අනුව බ්‍රිතාන්‍ය නෞකාවක හෝ ගුවන් යානයක උපත ලබන දරුවකුට බ්‍රිතාන්‍යෙය් පුරවැසි බව හිමිවේ. මේ අනුව මයිකල් උපතලබා ඇත්තේ බ්‍රිතාන්‍ය පුරවැසියකු ලෙසිනි.
දරු උපත සිදුව ඇත්තේ මෙවැනි ඉතා කුඩා නිදන කටියක දී ය.
දරුවා නතරකැර ඇති රෝහල


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් වසනාවන්ත ළමයෙක්. (ස)
හරිම වාසනාවන්ත දරුවෙක් වීසා ගන්න ඕනේ නැහැ එංගලන්තෙට යන්න. අපේ අම්මලාට බැහැනේ මෙහෙම දෙයක් කරගන්න. (ස)
මාස 7ක ළමයෙක් ස්වභාවිකව ප්‍රසුත කරන්න ටිකක් අමාරුයි. මෙතන මොකක්හරි වැරැද්දක් තිබෙන පාටයි (නි)
තුවන්, ඔයා දන්නේ නැති වුණාට තව කොහේ හෝ ඉන්න පුළුවන්. (ස)
යන්න කලින් පරික්ෂා කරල නැද්ද?? (ස)
මාස 7 හමු උන ළමුන් ඕනේ තරම් ඉන්නවා, (දී)
ඇත්තටම වාසනාවන්ත ළමයෙක්. මොකද උප්පැන්නේ උපන් ස්ථානය වෙන්නේ උඩු ගුවන. එහෙම අය ලෝකෙටම දෙතුන් දෙනෙකුට වඩා නැතුව ඇති. ඇත්තටම වාසනා වන්ත ළමයෙක්. (ස)
තව කොපමණ මෙහෙම දේවල් වෙලා ඇද්ද? (නි)
මොනව වුණත් දරුවට දෙවියන්ගේම පිහිටයි. (ස)
මයිකල් ඔබට දෙවියන්ගේම පිහිට ලැබේවා (දී)
මේ දරු උපත නම් ඇත්ත, අපි සුබ පතමු. සමහරවිට ඇයගේ බලාපොරොත්තුව දරු ප්‍රසූතිය ඇමරිකාවේදී සිදුවීම වෙන්න ඇති.(නදී)
අපේ සුබපැතුම් ....දේව පිහිටයි (දී)