IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


හිම කන්ද මරු කැඳවයි

ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය ආසන්නයේ පුහුණුවීමක යෙදුන විදේශීය සොල්දාදුවන් කණ්ඩායමක් මතට හිම කන්දක් කඩාවැටීම නිසා සොල්දාදුවන් පස්දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. අනතුරින් සොල්දාදුවන් හය දෙනකු තුවාල ලබා ඇත.

ඉතාලි දේශසීමාවට නුදුරින් පිහිටි මෙම ස්ථානයේ සොල්දාදුවන් 50ක් පමණ පුහුණුවේ යෙදී සිට ඇත. බලධාරීන් පවසන්නේ මොවුන් අයත් රටවල් තවමත් අනාවරණය වී නැති බවයි. හෙලිකොප්ටර් යානා සහ පොලිස් සුනඛයන් හොදා තවදුරටත් සෙවීමේ කටයුතුවල නිරත වන බවද ඔවුන් පවසයි. 

පසුගිය සතියේ පාසැල් ළමුන් දෙදනකු සහ යුක්රේන ජාතිකයෙකු මෙවැනිම අනතුරකින් ආසන්න ප්‍රදේශයකදී මිය ගොස් ඇත.



අදහස් (0)

හිම කන්ද මරු කැඳවයි

දර්ශන Tuesday, 19 January 2016 02:57 PM

හොඳ පැහැදිලි කිරීමක් (බ)

:       0       0

ජයලත් Tuesday, 19 January 2016 03:04 PM

විජිත් ඔයාගේ පැහැදිලි කිරීමට ස්තුති මේ අවලාන්ච් කියන වචනය ඉලෙක්ට්‍රොනික්වල එනවා ඒකට කියන්නේ හිම ධ්‍රැවය කියල නමුත් වැඩිය භාවිතා වෙන්නේ නැහැ (බ)

:       0       0

විජිත් Tuesday, 19 January 2016 07:20 PM

දර්ශන,ජයලත්, බොහොම ස්තුතියි. සමහරවිට ආයෙත් දවසක මේ පිටුවෙන් අපි හමුවේවි. (නි)

:       0       0

විජිත් Tuesday, 19 January 2016 11:34 AM

" ඇවලාන්ච් " යන නමින් ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා වලින් හඳුන්වන, මේ හිම කඳු කඩා වැටීමට අපේ භාෂාවෙන් " තනි වචනයක් " තිබෙනවාද කියා මගේ මතකයේ හැටියටනම් නැහැ. නමුත් මෙය බලනා ඔබ එසේ තනි වදනක් දන්නවානම් කරුණාකර මටත් කියන්න. හිම කඳු වල ඉහලින්ම ඇති " හිම සංචිතයේ " හෙවත් " හිම කුට්ටියේ "කොටසක් අනපේක්ෂිත මොහොතක පහතින් ඇති හිම ස්තරමත කඩාවැටීම නිසා, එදා මෙදා තුර මිනිස් ජිවිත සිය දහස් ගණනක් ලෝකයට අහිමිවුණා. " හිම සංචිතය" ලෝකයට ඉතාම වැදගත් එකක්. එහි ඇති හිම අංශු එකිනෙකට කිට්ටුවෙන් හොඳින් බැඳී තිබෙන්නේ. ඒ අංශුන් අතර ඇති " බල " හෙවත් පෘෂ්ටික ආතතිය ප්‍රභලයි. ඒ නිසා මේ හිම කුට්ටිය කඩා නොවැටී ගලක් මෙන් පවතිනවා. එය ඇත්තටම "ජල පෝෂකයක් ".කඳු පාමුලින් ඇති ගංගා,ඇල,දොළ වලට ජලය සපයන්නේ මේ ඉහලතියෙන " හිම කුට්ටියෙනි". වර්ෂාව, හිරු එලිය කෙලින්ම වැටීම, භූ කම්පන තරංග, වැනි ස්වාභාවික හෙතුන් මෙන්ම, දුම්රිය සහ හිම රථ ආදියෙන් ඇතිවන කම්පන,මෙන්ම පාලනයෙන් තිරව සිදුකරන " පිපිරීම් "ආදියෙන් මේ ඉහල ඇති හිම කුට්ටියේ අංශු අතර ඇති බල, ඈත් වෙන්නට ඉඩතියෙනවා. ඒ කියන්නේ හිම අංශු අතර ඇති පෘෂ්ටික ආතතිය බිඳී යනවා. ඒ සමගම ගුරුත්ව බලය නිසා ඒ බිඳීගිය හිම කඳු කොටස පහලට කඩා වැටෙනවා. ඒ සමගම හිමේ සැඟවී ඇති විශාල ගස්, මෙන්ම පස් කොටසුත් මහා ගංගාවක් මෙන් පහලට කඩා වැටෙනවා.මේ විනාශයෙන් බේරෙන්නට පහලින් සිටින අයට ඇති ඉඩ කට බොහොමත්ම අඩුයි. ඔය ගොල්ලෝ අහලත් ඇති " හිම කඳු තරණය කරන විට වැඩිපුර ශබ්ද නගා කතාකරන්නේ නැහැ. කියලා." ඒ කියන්නේ ශබ්ද තරංග වලින් ඇතිවන කම්පන වලින් පවා මේ හිම කඳු කඩා වැටීමට අවශ්‍ය මුලික ආරම්භය හෙවත් " ට්‍රිගර් වීම " ඇතිවීමට ඇති ඉඩකට වැඩි නිසායි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1486 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 232 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 86 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 262 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site