ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලයේ දැඩි විරෝධය මැද, ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ දින 10 ක් තිස්සේ පැවැත්වූ නාවික යුද අභ්‍යාසය ඊයේ (2) නිමාවට පත්විය. යුද අභ්‍යාසයේ අවසන් දිනයේ දී කිලෝ මීටර් 200 ක් ඈතට විදිය හැකි ‘කාඬේර්’ සහ ‘නූර්’ නමැති මිසයිල දෙකක් අත්හදා බැලූ බවත් එම මිසයිල අත්හදා බැලීම් ඉතා සාර්ථක වූ බවත් ඉරාන නාවික හමුදාව පවසයි. ඉරාන නාවික හමුදාව ‘වෙලායෙට් ඊ 90’ යනුවෙන් නම් කළ එම නාවික අභ්‍යාසය ඇරැඹුවේ ඉකුත් 24 වැනිදාය. මැද පෙරදිග තෙල් ප‍්‍රවාහන කටයුතු බහුලව සිදු වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහාය. පරමාණු බෝම්බ නිපදවනවා යැයි බොරු චෝදනා එල්ල කරමින් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් එක් වී තමන්ට එරෙහිව යෙදූ සම්බාධක වහා ඉවත් කර නොගතහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ජාත්‍යන්තර තෙල් ප‍්‍රවාහන කටයුතුවලට බාධා කිරීමට පවා තමන්ට හැකියාව ඇතැයි නාවික යුද අභ්‍යාසය ඔස්සේ ඉරානය ලොවට අනතුරු ඇඟවීමක් ද කළේය. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රායලය එක් වී ඉරානයට චෝදනා කරන්නේ ඉරානය න්‍යෂ්ටික වැඩ සටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය. ඉරානයට එරෙහිව තව තවත් සම්බාධක පැනවීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් පියවර ගෙන ඇත්තේ එහෙයින්ය. යුද අභ්‍යාසය පැවැත්වෙද්දී ඇමෙරිකා නාවික හමුදාව, මැද පෙරදිග මුහුදු සීමාවේ කි‍්‍රයාත්මක ඔවුන්ගේ හමුදාවේ පස්වැනි බල ඇණිය සහ යුද නැව් පහක් ද හෝමූස් සමුද්‍ර සන්ධියට නුදුරින් සීරුවෙන් තැබීය. තමන් පවත්වන නාවික යුද අභ්‍යාසයට ඇඟිලි ගැසීමට ඇමෙරිකාවට කිසිදු අයිතියක් නැතැයි ඉරානය එම අවස්ථාවේදී ඇමෙරිකාවට දොස් පැවැරීය.
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන යුද අභ්‍යාසය අවසන්