IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සුළු දියත් කිරි රහ වෙයි

තරුණ පෙනුම සහ කි‍්‍රයාශ‍්‍රීලී ජීවන රටාව පවත්වා ගැනීමට අපූරු ක‍්‍රමයක් අනුගමනය කරන යුවළක් ස්පාඤ්ඤයේ සිටිති. ඒ මාක් ඇම්බ්‍රෝස් (91) සහ 87 හැවිරිදි ඔහුගේ බිරිඳ ජොයිස්ය.

ඔවුහු දිනකට තමන්ගේම මුත‍්‍රා වීදුරුවක් පානය කරති. ඒ උදෑසන කිරි වීදුරුව වෙනුවටය.

ජීවිතේ වැඩි කාලයක් කොඳු ඇට පේලියේ අබාධයකින් පීඩා විඳ ඇති මාක් ශල්‍යකර්ම තුනක් කර ඇත. ඒ කිසිවකින් සුවයක් නොලැබූ නිසා අන්තර්ජාලය ඔස්සේ රෝගය සුව කර ගැනීමට පිහිට පතා පසුව එහි තිබූ ප‍්‍රතිකාර ක‍්‍රමයක් වන මුත‍්‍රා පානය කිරීම ආරම්භ කර ඇත.

මීට අවුරුදු 3කට පෙර ඔවුන් පීඩා විදි විවධ රෝග මෙම සුළුදිය පානය කිරීමේ ප‍්‍රතිකාරයක කිරීමට ගත් පසු එම රෝග නිට්ටාවටම සුව වූ බව පවසයි. තුවාලයක් වූවත් ඔවුන් මුත‍්‍රා ස්වල්පයක් ගෙන තුවාලයෙහි ගාන බවත් එහි ඉතා ඉක්මනින් සුව කිරීමේ හැකියාව පවතින බවත් ඔවුහු පවසයි. එමෙන්ම ඇසෙහි හෝ කනෙහි යම් අපහසුතාවක් ඇති වුවත් ඔවුන් මුත‍්‍රා බිංදු කිහිපයක් දැමූ පසු සුව වන බව පවසයි. මුත‍්‍රා විශබීජවලින් තොර බවත් වැඩිපුරම ජලය සහ ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ අඩංගු බවත් මාක් කියයි.

අවුරුදු 90ක් සහ 87ක් වුනත් ඔවුන්ට 65-70 වයසේ මෙන් වැඩ පල කිරීමට හැකියාව තිබෙන බවත්, වයසට වැඩි මානසික සුවයක් භුක්ති විඳින බවත් සඳහන්ය.

 



අදහස් (0)

සුළු දියත් කිරි රහ වෙයි

ඉෂාර Monday, 28 October 2013 03:57 PM

එතකොට මේ තරුණ පෙනුමද මේ දෙන්නගේ? (ස)

:       0       0

උදේනි Monday, 28 October 2013 10:09 PM

ආයුර්වේදයේ පිළිගත් මිනිස් මුත්‍රා භාවිතා කරන ප්‍රතිකාර විදියක් තිබෙනවා (නි)

:       0       0

නසාර් Monday, 28 October 2013 10:12 PM

මුත්‍රා නොකර හිටියා නම් හරිනේ. බිව්වත් නැවත යන්නේ බඩටමනේ (නි)

:       0       0

සංජීව Monday, 28 October 2013 04:01 PM

අනේ අම්මෝ! මේ හිටිය කාලේ ඇති. මේවා බීලා අවුරුදු 500 හිටියත් මොකටද? (නි)

:       0       0

දයා අලහකෝන් Monday, 28 October 2013 04:12 PM

ඉන්දියාවෙ හිටපු අගමැති වරයෙකුත් මෙය අනුගමනය කලා. (ස)

:       0       0

දර්ශා Monday, 28 October 2013 04:17 PM

මගේ රුසියානු හිතවතියකගේ මවත් ආතරිටිස් රෝගය සදහා සුළු දිය ප්‍රතිකාර කලා.ඇයගේ බසින්(රුසියානු කදුකර බසකින්) ලියවුනු පොතක සියලු කරුණු තිබුනා.ඇයට දැන් හොදටම සනීපයි. (ස)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Monday, 28 October 2013 04:19 PM

උදේට සුලු දිය වීදුරුවක් බොන්න පුරුදු කලාම කිරිපිටි මිළ ඉහල ගියාට ප්‍රශ්නයක් නෑ. මම හිතන්නේ මෙය ගම් මට්ටමෙන් බ්ම් මට්ටමෙන් පුහුණු කල යුතුයි. කිරි පිටි මිල ඉහල යන යෑමට සුලු දිය තමයි බොන්න වෙන්නේ. (ස)

:       0       1

කුමාරන Monday, 28 October 2013 04:49 PM

එතකොට මේ ලෝකෙට බෙහෙත් ඕන නැහැ මුත්‍රා බිව්වම හරි.ඔය මොලේ නරක් උන අය ඕනේ එකක් කරපුදෙන්.තම තමන්ගේ කර්ම ශක්තිය අනුව ගෙනා ආයුෂ කොහොමත් විඳිය හැකියි.එතකොට ඔය නිරෝගිව, අවුරුදු 100 පැනලා ජිවත් වෙන ඔක්කොම මුත්‍ර බිපු අයද? (ස)

:       0       0

කුමාරන Monday, 28 October 2013 04:51 PM

ඉන්දියාවේ පාන්දර ගව මුත්‍රා එකතු කරලා ඒවාගෙන් විෂබීජහරණය කරලා කරන ප්‍රතිකාර ක්‍රම ගුජරාට් වල තිබෙනවා.නමුත් ඒ බොහොමයක් තාමත් ප්‍රාථමික යුගවල ඒවා (නි)

:       0       0

එරා ජෝර්දාන් Tuesday, 29 October 2013 12:52 PM

රුක්මන්, මේ පොත් තියෙන්නේ නිස්සරණ.චොම් කියන වේද සිතේ එකේ මෙදිටටිඔන් චෙන්ටෙර් එකක් සිංහල පොත් තියෙනවා. ඩවුන් ලෝඩ් කර ගත හැකි. ප්‍රති මුත්තා බෙසජ්ජය කියලා නම තියෙන්නේ.. ට්‍රයි කරන්න බැරී උනොත් මේල් ඇඩ්රස් එක දෙන්න. (ස)

:       0       0

චමින්ද Monday, 28 October 2013 05:52 PM

භාවනායෝගී භික්ෂූන් වහන්සේලාත් ලෙඩක් හැදුනහම බොන්නේ තමන්ගේම මුත්‍රා උගුරු තුනක් කියලා පොතක තිබුණා මතකයි (නි)

:       0       0

සජී Monday, 28 October 2013 05:59 PM

ඔයාලා දන්නෙ නැද්ද, කැලණිය පැත්තට සම්බන්ධ උතුමෙකුත් උදේට සුළුදිය බොනවා කියලා..? (නි)

:       0       0

මොහාන් Monday, 28 October 2013 06:01 PM

මට දැන් මතක් වුණේ. අපේ උතුමාණන් කෙනෙකුත් ඕකම කළා කියලා මම පසුගිය දවසක කියෙව්වා.. (නි)

:       0       0

මාටින් Tuesday, 29 October 2013 01:19 PM

හරි හරි තර්ක වැඩක් නැහැ, බොන කට්ටිය බොන්න. අපි නම් උදේට කොළ කැද එකක් බොනවා (නි)

:       0       0

සරදියෙල් Monday, 28 October 2013 02:36 PM

ධම්මජීව් කියල හාමුදුරු කෙනෙක් මේ ගැන අපට තේරෙන විදියට පොතක් ලියල තියෙනවා 'බුද්ධ බේත' කියාල.කියවල බලන්න මේ ගැන අපුරුවට ලියල තියෙනවා. තව ඒ ගැන ලියපු පොත් පත් ගෙනත් එක්කම.ආඩම්බර හිතෙන්නේ අපේ බුදු හාමුදුරුවන්ගෙන් ඇරඹුන එකක් නිසා.......... (ස)

:       0       0

සමිතා Monday, 28 October 2013 07:49 PM

වීදුරු දෙක මාරුවෙයිද මන්දා? (නි)

:       0       1

මතින් Monday, 28 October 2013 02:52 PM

එතකොට මෙයාල කන්නෙ මොනවද දන්නෙ නෑ. (ස)

:       0       0

මාටින් Monday, 28 October 2013 02:53 PM

එතකොට මෙයාල කන්නේ මොනවද?? (ස)

:       0       0

මනෝජ් Monday, 28 October 2013 08:00 PM

මුත්‍රා බොනවා නම් කනවා ඇත්තෙ මොනවද ? (නි)

:       0       0

නිල්මිණි Monday, 28 October 2013 08:16 PM

මම ඉන්නේ යුරෝපයේ.මෙහෙත් ඕක හරි ප්‍රසිද්ධයි.නමුත් බෙහෙතක් විදිහට නෙමෙයි. (නි)

:       0       0

මරුසිරා Monday, 28 October 2013 03:04 PM

ඔන්න මාටිනුත් ඉදලා ඉදලා මෝඩ ප්‍රශ්නයක් ඇහුවා (නි)

:       0       0

රුක්මන් Tuesday, 29 October 2013 09:00 AM

සරදියෙල් ලින්ක් එක දාන්නකෝ. නැත්නම් හරියට හොයන ව්දිය කියන්න. (ස)

:       0       0

සෙනරත් Tuesday, 29 October 2013 02:44 PM

නිල්මිණි, යුරෝපයේ මිනිස්සු බෙහෙතක් විදියට නොවෙයි නම් කුමන කරුණක් උදෙසාද මෙය භාවිත කරන්නේ? එයින් යහපත් ප්‍රතිඵල ලැබේ නම් කරුණාකර සඳහන් කරන්න. (ස)

:       0       0

සම්පත් Tuesday, 29 October 2013 09:09 AM

නිල්මිණි, මොකක් විදියටද එහෙ ප්‍රසිද්ධ? (නි)

:       0       0

රණා Monday, 28 October 2013 08:34 PM

මේක ඖෂධයක්. බොන්න ඕනෑ අතරමැද්දේ. මුත්‍රා අාරම්භයත් නොවී අවසාන මුත්‍ර ටිකත් නොවී, අතරමැද්දේ මුත්‍ර උගුරු 3 4ක් වගේ (නි)

:       0       0

ගුණදාස Monday, 28 October 2013 08:35 PM

අරක්කු බොන අයගේ ඒවා බ්ව්වොත් වෙරි වෙයිද? (නි)

:       0       0

සරත් Monday, 28 October 2013 03:21 PM

හොයා ගත්තු දේ අගය කරමු නේද මාටින් (දිල්).

:       0       0

රොහාන් Monday, 28 October 2013 03:26 PM

දරුවන්ගෙ මුත්‍රා බීපු වයෝවෘද පුද්ගලයෙක් අවුරුදු 105 නිරෝගීව ජීවත්වෙලා තියෙනවා අපේ ගමේ. (ස)

:       0       0

දොන්සේතං Monday, 28 October 2013 03:38 PM

සරදියෙල් එත කොට මේකට බුදුහාමුදුරුවො සමිබන්ධ මොකක්ද? (ස)

:       0       0

සරදියෙල් Monday, 28 October 2013 03:54 PM

දොන්සේතං මේ අහන්නකො................මමත් මේකේ කියවපු පොතක්................ඔය ඉන්ටර්නෙට් එකෙන් ඩවුන් ලොඩ් කරගන්න පුළුවන් මේ ගැන වැඩි විස්තර. 'නිස්සරණ ' කියලා ටයිප් කරලා ඒ යටතේ බුද්ධ බේත කියන පොත ටිකක් කියවන්න.එතකොට ඔයාට තේරේවි.මතක තියාගන්න දැන් මිනිස්සු මේ දේවල් අඩුවෙන් ප්‍රයෝගිකව කලාට ඔයාට මේ ගැන තව කියවන්න උත්සහ කලොත් අවබෝධ වේවි...බුදු හාමුදුරුවෝ සම්බන්ධ අය කියලා........................තව දෙයක් මේ පුවතත් එක්ක බුදු හාමුදුරුවන් වහන්සේ සම්බන්ධ නෑ...........නමුත් සුළු දිය බෙහෙතක් ගැන කියද්දී ඒක ගොඩක් අතට දිව යන කතාවක්....... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 6 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 6 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 232 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 142 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 124 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 29 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site