IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සිංහයෝ හෝතඹුවාට පරදිති

ඔවුහු ලෝකයේ භයානක ම මාංශ භක්ෂකයෝය. බළල් කුලයේ දැවැන්තයන් වන මොවුන් කැලේ රජා යනුවෙන් හඳුන්වන්නේ ද දඩයමට ඔවුන්ගේ ඇති දක්ෂතාවත් අනුකම්පා විරහිත ආක්‍රමණයත් හේතුවෙනි. එවැනි සිංහ ධේනුන් හතර දෙනකු පුංචි හෝතඹුවකුට බියෙන් වලිග පස්සාපැත්තේ හංඟාගෙන පලා යනු ඇතැයි කෙසේ නම් විස්තර කරන්න ද ?

තමන් දඩයම් කර ගිල දැමීමට පැමිණි මේ බියකරු දැවැන්ත සිංහයන් හතර දෙනාට වඩා බොහෝ සෙයින් කුඩා හෝතඹුවා ආක්‍රමණශීලී ලෙස සිංහයන්ට ගොරවමින් ඔවුන් සපා කෑමට මෙන් ඉදිරියට පනිමින් හැසිරෙන විලාසය විශ්මය ජනකය.

මේ දුලභ දසුන ඡායාරූපයට නගා ඇත්තේ ප්‍රංශ ජාතික ඡායාරූප ශිල්පී ජෙරොම් ගිලෙයිමාට් විසිනි. කෙන්යාවේ පිහිටි මාසා මාරා ජාතික වනෝද්‍යානයේ දී ඔහු මේ අපූරු දර්ශනය දැක ඇත. ඔහු එය මෙසේ විස්තර කරයි

‘‘ තමන් ගොදුරු කර ගැනීමට පැමිණි මේ හෝතඹුවා සිංහයන් වෙත ගොරවමින් කඩා පනිමින් ඔවුන්ගේ මුහුණට පවා තුවාල සිදුකළා. සිංහයන් හෝතඹුවා අල්ලා ගැනීමට උත්සාහ ගන්නා සෑම අවස්ථාවක දී ම හෝතඹුවා මර බයේ වුවත් සිංහයන් ට තර්ජනය කරමින් ටිකෙන් ටික පසු බැස දිවගොස් ගුලක හැංගෙනවා මා දුටුවා. පසුව නැවතත් එතැන් සිට සටන ආරම්භ කරන හෝතඹුවාගේ කඩා පැනීමත් සමග කලබලයට පත්වූ සිංහයන් තමන් කරන්නේ කුමක් දැයි නොදන්නා ආකාරයෙන් හැසිරෙන්නට වුණා. මුගටියා ආරක්ෂිතව ගුලේ සැඟවී ගියා. සිංහ ධේනුවන්ට සිදුවුණේ තමන්ගේ තුවාල වූ නාසා හා කට දෙපස ලෙවකමින් පසු බැස යාමටයි.“

ජෙරොම් පවසන්නේ තමන් දැන් මෙය මාධ්‍යයට නිකුත් කළ ද එය සිදුවූයේ 2011 වර්ෂයේ දී බවයි.

1409655557711_wps_32_EXCLUSIVE_MAASAI_MARA_KEN 1409655643769_wps_33_EXCLUSIVE_MAASAI_MARA_KEN 1409655675497_wps_35_EXCLUSIVE_MAASAI_MARA_KEN 1409655755534_wps_36_EXCLUSIVE_MAASAI_MARA_KEN 1409655768305_wps_37_EXCLUSIVE_MAASAI_MARA_KEN

 



අදහස් (0)

සිංහයෝ හෝතඹුවාට පරදිති

ප්‍රසාද් Thursday, 04 September 2014 02:56 PM

අවංකවම මෙතන සිදුවෙලා තියෙන්නේ සිංහ දෙනුන් බයේ පළායාමක් නෙමෙයි. ඒ සිංහ දෙනුන් මේ සතාට කරුණාව දක්වන එක වෙන්න බැරිද? (නි)

:       0       0

එරංග Thursday, 04 September 2014 09:24 AM

හේමන්ත හරි (නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Thursday, 04 September 2014 03:40 AM

හිත ඇත්නම් පත කුඩාද කිව්වලු.(නදී)

:       0       0

රූපවතී Thursday, 04 September 2014 10:00 AM

අපේ ගමේ හිටිය "සිරිමා අක්ක " කියල කාන්තාවක් අපි කුඩා කාලේ .. ඇය තාමත් ජීවතුන් අතරයි, මට ඇයව සිහියට ආව , මේ කට අයාගෙන දගලන මුගටි දෙන දකිද්දී ..? (ස)

:       0       0

චමින්ද Thursday, 04 September 2014 10:10 AM

සිංහයෝ,කුළු මීමන්ගෙන්,ජිරාෆ්ලාගෙන්,කිඹුලන්ගෙන් මැරුම් කාපු අවස්ථා, ඇතුලත් වීඩියෝ පට අන්තර්ජාලයෙන් දැක ගන්න පුළුවන්. (ස)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 03 September 2014 12:50 PM

මුගටියා වඩාත් ප්‍රසිද්ධ නයා සමග පැය කීපයක්ම කරන ද්වන්ධ සටනටයි. ශබ්ද දමා කටින් ජයගන්න නිතරම උත්සාහ ගනී. දැවැන්ත කුළු හරක් බිම හෙලන සිංහයින් මුගටියාගේ කටට බය වෙන්න ඇති. (නි)

:       0       0

ඉන්ද්‍ර Wednesday, 03 September 2014 01:31 PM

මේකට තමා නිර්භීතකම කියන්නේ. මොනවා වුණත් මුගටියා කළ දේ කාටත් හොඳ ආදර්ශයක්. (නි)

:       0       0

මහේෂ්‍ Thursday, 04 September 2014 08:23 PM

අයියෝ ලැජ්ජයි! (නි)

:       0       0

විදානගේ Friday, 05 September 2014 11:49 AM

සිංහයා හෝතඹුවාව සෙල්ලමට අරගෙන වගෙයි (නි)

:       0       0

චමින්ද Thursday, 04 September 2014 08:30 PM

හේමන්ත හරි. මටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. (නි)

:       0       0

හේමන්ත Wednesday, 03 September 2014 02:21 PM

මට නම් පෙනෙන්නේ මේ සිංහ ධෙනුන් මුගටියා සෙල්ලමට අරගන්න දගලන්නේ. ඌව මරන්න යන පාටක් පෙනෙන්න නැහැ. (අ)

:       0       0

උපාලි Wednesday, 03 September 2014 02:39 PM

ඕක තමයි කියන්නේ "දාවිත්ගේ" මොලේට " ගොලියත්" කොච්චර ලොකු උනත් වැඩක් නැහෙ කියල. (අ)

:       0       0

නුවන් Thursday, 04 September 2014 05:53 AM

මේ පොඩි පැටව් පළවෙනි අත්දැකීම ලබනවා. (ස)

:       0       0

ශාන් Thursday, 04 September 2014 11:50 PM

හ්ම්ම්! සිංහයා සෙල්ලමට අරගෙන තියෙන්නේ... නැතුව මරන්න නොහැකිවාට නෙමෙයි (නි)

:       0       0

රජින්ද Wednesday, 03 September 2014 03:57 PM

මාළුවා නැහුනේ කට නිසා වුණාට.... හොතම්බුව රැකුණේ කට නිසාලු....(අ)

:       0       0

විච්ටෝර් ගුණවර්ධන Wednesday, 03 September 2014 04:59 PM

තවම පොඩි පැටව් වගේ. ඇගේ හැමතැනම පුල්ලි තියෙනවා. (නදී)

:       0       0

කිංස්ලි පෙරේරා බහරේන් Wednesday, 03 September 2014 06:58 PM

මෙතන ගැහැණු සත්තු නේද ඉන්නේ? (නි)

:       0       0

උමා Thursday, 04 September 2014 07:54 AM

හිත ඇත්නම් පත කුඩාද? (නදී)

:       0       0

චන්දි Thursday, 04 September 2014 08:45 AM

නයයි මුගටියයි පොරකන හැටි දෑසින්ම දැකල තියෙනවා, රජින්දගේ අදහස හිනාවෙන්න හොද දෙයක් උනා (නදී)

:       0       0

ධම්මිකා Thursday, 04 September 2014 02:35 PM

කොහොමද පොඩි එකාගේ වැඩ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1464 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 225 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 84 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 261 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 133 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site